රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW :
ශ්රී ලංකා රේගු නිලධාරීන් අද (18) කොළඹ ග්රේලයින් II අංගනයේ අඩි 40 ක කන්ටේනරයක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහි සිගරට්, කහ, ඉඟුරු, කජු සහ රූපලාවන්ය නිෂ්පාදන අඩංගු වූ බව සඳහන් වේ.
ඒවා දේශීය ආනයනකරුවෙකුගේ අනුදැනුමකින් තොරව වංචනික ලෙස නිෂ්කාශනය කළ බවට චෝදනා එල්ල වී ඇත. අත්අඩංගුවට ගත් තොගවල වටිනාකම රුපියල් මිලියන 250 කට වඩා වැඩි බවත්, පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත් රේගුව පැවසීය.





