පාස්කු ප්රහාරයේ මහමොළකරු ඇල්ලීමේ ක්රියාන්විතය ක්රියාතමක කරන බව ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පොරොන්දු වූ බවත් ඒ පොරොන්දුව අනිවාර්යයෙන්ම ක්රියාත්මක කරන බවත් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා පවසයි.
“අපි පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් දීපු පොරොන්දුවක් තියෙනවා ඡන්දෙ ගන්න කලින්, මහමොළකරු ඇල්ලීමේ ක්රියාන්විතය අපි ක්රියාත්මක කරනවා කියලා. මෙතෙක් ආණ්ඩු ඒක මගහැරියා, නමුත් වත්මන් ආණ්ඩුවෙන් ඒ වැඩේ කරනවා අනිවාර්යයෙන්. ඒකෙ ප්රතිඵලයක් විදියට තමයි සලේ අත් අඩංගුවට අරන් තියෙන්නෙ. සලේට අපි යෝජනා කරන්නෙ මේ පරීක්ෂණ කටයුත්තට කරුණාකරලා සහයෝගය දෙන්න කියලා”
සුනිල් වටගල නියෝජ්ය අමාත්යවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමිනි.


