*
Monday, May 20, 2024
spot_img

Latest Posts

බේකරි නිෂ්පාදන වල මිල අඩුවෙයිද ?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින්,  දේශිය තිරිඟු පිටි සමාගම් ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි කරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය .

තව දුරටත් අමාත්‍යවරයා පැවසුවේ කඩිනමින් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කළ යුතු බවට ද අදාළ අංශ වෙත දැනුම් දී ඇති බවය.

ඩොලරයට සාපේක්ෂව බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය වන අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ගණන් පහළ නොයෑම හේතුවෙන් තම නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම ගැටලුසහගත බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

මේ අතර, ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ තිරිඟු පිටි නිෂ්පාදනවල මිල ගණන් සඳහා ද පාලන මිලක් අවශ්‍ය බවත් තිරිඟු පිටි සම්බන්ධයෙන් පමණක් ක්‍රියාමාර්ග නොගෙන සියලුම බේකරි නිෂ්පාදන සම්බන්ධයෙන් ද මිල නියාමනයක් අවශ්‍ය බවත්ය .

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත්  පැවසුවේ,

“පාන් පිටි සම්බන්ධයෙන් නිෂ්චිත වශයෙන් හරි ඔහෝම ගහපු එක ගැන සතුටු වෙනවා. ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගිකව ගැටලු ඇති වෙනවා. පාන්පිටිවලට නිෂ්චිත මිලක් කියන්නේ නෑ නේ. නිෂ්චිත භාණ්ඩයක් ලෙස නම් කරනවා සේම නිෂ්චිත මිල කියන්න. ඒ මිල ගමේ කඩේ කීයද? තොග මිල කීයද? ආනයනකරුවන් කොහොමද ? එහෙම යනවා මිල චේන් එකක්. ඒ මිල ගණන් තුනත් ඒකට ඇතුළත් කරන්න ඕනේ. එහෙම නැතිනම් ගැසට් ගැහුවා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ප්‍රශ්නය එතනමයි. ඇමතිවරයා නිෂ්චිත භාණ්ඩ ගණයට ඇතුළක් කරානම් පාන් පිටි. පාන්පිටිවලින් නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩ පාන් ගෙඩිය රොස් පාන් ගෙඩිය බනිස් ගෙඩිය, මාළුපාන්, ජෑම් පාන්, වියානා රෝල්ස්  සියල්ල මිල පාලනයට ලක් කරන්න අපි සූදානම් ඒ මිල පාලනය සඳහා උපරිම සහයෝගය ලබා දෙන්න.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan