ටිබෙටය චීන දේශභූමියේ කොටසක් බව චීනයෙන් ඇමරිකාවට ප්‍රකාශයක්!

Date:

කොළඹ LNW:ඇමරිකාවේ ඇතැම් මන්ත්‍රීවරුන් 14 වැනි Dalai Lama හමු වීම සහ මෑතකදී ඇමරිකා කොංග්‍රසය චීනයේ ටිබෙටය පිළිබඳ පනත සම්මත කර ගැනීම සම්බන්ධයෙන් චීනය සිය අදහස් පළ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා පැවසුවේ ටිබෙටයේ කටයුතු චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර කිසිදු බාහිර බලවේගයකට ඊට මැදිහත් විය නොහැකි බවයි.

14 වැනි Dalai Lama හුදු ආගමික ශාස්තෘවරයෙක් ‍නොවන බවත්, ඔහු ආගමට මුවාවී චීනයට එරෙහිව බෙදුම්වාදී මෙහෙයුම්වල නිරත වන දේශපාලන සරණාගතයෙකු බවත් චීන ප්‍රකාශක පවසා තිබෙනවා.

‘ටිබෙටය අතීතයේ සිටම චීන දේශභූමියේ කොටසකි’ මේ බව පිළිගෙන ටිබෙටයේ ස්වාධීනත්වයට අනුබල නොදෙන පොරොන්දුව කඩ නොකරන ලෙසත් අදාළ පනතට අත්සන් නොතබන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවයි චීනය පවසන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...