ඩිෆෙන්ඩර් නඩුවේ තීන්දුව ලබන 28 වනදා!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 19 , කොළඹ (LNW):

ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් , 2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයකුහට හිරිහැර සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව මේ මස 28 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය අද (19) නියෝග කළේය.

මෙම නඩුව සම්බන්ධයෙන් දීර්ඝ විභාගයක් පැවති අතර ඊට අදාළ පැමිණිල්ල සහ විත්තියේ දේශන ඉදිරිපත් කිරීම අද අවසන් කෙරුනු අතර, පසුව එම නඩුවේ තීන්දුව ලබන 28 වනදා ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරුවරයා නිවේදනය කළ බව පැවසේ.

2015 වසරේ දෙසැම්බර් මස 21දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් 08 දෙනෙකුද මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටි අතර ඔවුන් මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කිරීමටද අධිකරණය විසින් නියෝග කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...

විපක්ෂයට බහුතර අසන ගණනක් ගිය උඩුනුවර සභාව NPP දිනාගනී!

කොළඹ LNW:උඩුනුවර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට ජාතික ජන...

තවත් දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්!

දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් හරහා ගෙන්වන ලද භාණ්ඩ තොගයක් නිසා...