සටහන – රෂිකා හෙන්නායක ජුනි 19 , කොළඹ (LNW):
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වාගේ පාර්ශවය විධායක සභා රැස්වීම අද පස්වරුවේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි .
දුමින්ද දිසානායක මහතා මහින්ද අමරවීර ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පිරිසක් එයට එක්ව සිටියහ.
මෙහිදි ශ්රී ලංකා නිදහස් පක්ෂය දැනට වැඩ බලන සභාපති නිමල් සිර්පාල ද සිල්වා මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථීර සභාපති ලෙසත් දැනට වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථීර මහලේකම් වරයා ලෙසද පත්වුණි.