ඉන්දුනීසියානු ගිනි කන්දක් සක්‍රිය වීම හේතුවෙන් බාලිහි ගුවන් ගමන් ඇනහිටියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් සංචාරක දූපතේ ලෙවෝටෝබි ලකී-ලකී කන්ද සක්‍රිය වීම හේතුවෙන් හේතුවෙන් සැතපුම් හයකට වඩා වැඩි දුරකින් අහසට දැවැන්ත අළු වලාකුළක් ඇතිව තිබීම නිසා බාලිහි ගුවන් ගමන් රැසක් අවලංගු වී ඇති බව වාර්තා වේ.

බාලිට නැගෙනහිරින් පිහිටි මෙම ගිනිකන්ද මීටර් 1,703ක් උස ද්විත්ව කඳු මුදුන් සහිත ගිනි කන්දක්වන අතර එය අඟහරුවාදා(10)පුපුරා ගිය බව ගිනිකඳු විද්‍යා ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මේ අනුව බලධාරීන් විසින් ඉහලම මට්ටමේ ආපදා අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති අතර කම්පන තවමත් අනාවරණය වෙමින් පවතින බැවින්, ගිනි කන්දේ ආවාටයේ සිට අවම වශයෙන් කිලෝමීටර 7 ක් ඇතුළත කිසිදු ක්‍රියාකාරකමක් සිදු කිරීමෙන් වැළකී සිටිය යුතු බව භූ විද්‍යා ඒජන්සිය නිවේදනය කර ඇත.

පිපිරීම හේතුවෙන් බ්‍රිස්බේන් සහ මෙල්බර්න් සහ බාලි අතර ගුවන් ගමන් තාවකාලිකව අවංගු කර ඇති අතර ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙන බව පවසමින් නවසීලන්තය, එයාර් ඉන්දියා, සිංගප්පූරුවේ ටයිගර්එයාර් සහ චීනයේ ජුනියාඕ එයාර්ලයින්ස් ද බාලි අතර ගුවන් ගමන් නවතා දමා ඇත.

පැසිෆික් ගිනි වළල්ල මත එහි පිහිටීම හේතුවෙන් ඉන්දුනීසියාව නිතර භූ කම්පන සහ ගිනිකඳු ක්‍රියාකාරකම් වලට මුහුණ දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...