නාවික හමුදාව Culinary Art Food Expo 2025 ප්‍රදර්ශණයේදී රන් හා රිදී පදක්කම් වලින් පිදුම් ලබයි!

Date:

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW :

“Culinary Art Food Expo 2025” ප්‍රදර්ශනයෙන් පලතුරු හා එළවළු කැටයම් අංශයෙන් (Fruits and Vegetable Carving) රන් පදක්කමක් සහ අයිස් කැටයම් (Ice carving) අංශයෙන් රදී පදක්කමක් දිනාගැනීමට ප්‍රධාන සුළු නිලධාරී (නාපා) ඩබ්පීඒ සුබසිංහ සමත් විය.

එම පදක්කම් සහ සහතික නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත පසුගියදා ඉදිරිපත් කෙරුණු අතර, ජ්‍යෙෂ්ඨ නාවිකයාගේ ජයග්‍රහනය සඳහා සුභපැතූ මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්ති නාමය ඉහල නැංවීම වෙනුවෙන් සිදුකල එම සුවිශේෂී දායකත්වය අගයමින් ප්‍රශංසාත්මක ලිපියක් ප්‍රධානය කිරීමද එහිදී කෙරිණි.

ශ්‍රී ලංකාව පුරා විහිදි ඇති තරු පංතියේ හෝටල් ඇතුළු සත්කාරක සේවාවන් සහ දකුණු ආසියානු කලාපයේ සූපවේදී වෘත්තිකයන් 3000ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන්, Chefs Guild of Lanka සහ World Association of Chefs Societies එක්ව සංවිධානය කෙරුණු මෙම ආහාර ප්‍රදර්ශනය සඳහා, නාවික හමුදා මාලිමා සත්කාරක සේවාවට අනුයුක්තව රාජකාරී සිදුකරනු ලබන ප්‍රධාන සුළු නිලධාරී ඩබ්පීඒ සුබසිංහ ජ්‍යෙෂ්ඨ නාවිකයා ඉදිරිපත් වී පලතුරු, එළවළු සහ අයිස් කැටයම් අංශයෙන් විශිෂ්ඨ කුසලතාවයක් පෙන්නුම් කරමින් මෙලෙස රන් හා රිදී පදක්කම් දිනා දීමට සමත් විය.

තවද, ප්‍රධාන සුළු නිලධාරී ඩබ්පීඒ සුබසිංහ ජ්‍යෙෂ්ඨ නාවිකයා මෙලෙස විශිෂ්ඨ දස්කම් පෙන්නුම් කිරීම මඟින්, සියලුම නාවිකයන් වෙත විශාල ආදර්ශයක් ගෙනදීමට පමණක් නොව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත කීර්තියක් ගෙනදීමටද සමත්වීම හේතුවෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ විශේෂ ඇගයීමට ලක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රවින්ද්‍ර හේවාවිතාරණගේ “ඇවිද මිනිසුන් අතර ” දොරට වඩී!

කොළඹ LNW:වසර තිස් හ⁣යක රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් කැටිකර...

ශ්‍රී ලාංකිකයින් 20,000ක් ඊශ්‍රායලයේ හිරවෙලා – නැවත රටට ගෙන්වන්න පුළුවන්ද? බැරිද? – අලුත්ම තත්ත්වය මෙන්න!

කොළඹ LNW:ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආරක්ෂාව බව...

නිපුනි වාසනා පෙරට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන අවුරුදු 17...

බිංගිරිය සහ පාතහේවා හැට සභා සජබෙට!

කොළඹ LNW:පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට...