40%ත්‍ 50%ත් අතර අගයකින් තෙල් මිල බස්සන්න පුළුවන්. ඒත් ජනතාවට ඒ සහනය නැහැ – නලින් බණ්ඩාර

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මේ වන විට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහත වැටීමත් සමඟ මෙරට තුලද 40%ත් 50%ත් අතර මුදලකින් තෙල් මිල අඩු කළ හැකි නමුත් ආණ්ඩුව එම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවක් පෙනෙන්නට නොමැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේය.

රට තුළ තිබෙන මූල්‍ය හිඟය පියවාගැනීම වෙනුවෙන් ඉන්ධන මිල ඉහළ අගයකම පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඉන්ධන මිල වැඩි වීමත් සමඟ අති බහුතරයකගේ ජන ජීවිතය අඩාල වී තිබෙන බවත් කර්මාන්ත කඩා වැටී ඇති බවත් පෙරදා මෙන් ප්‍රවාහන පහසුකම් භාවිතා කළ නොහැකි තැනට පත්ව ඇති බවත් හෙතෙම සඳහන් කරන ලදී.

එම නිසා ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් ඉන්ධන මිල 40%ත් 50%ත් අතර මිලකින් අඩුකළ යුතු බවයි හෙතෙම අවධාරණය කළේ.

ආර්ථිකය කළමනාකරණය කරගැනීමේ නොහැකියාව වසා ගැනීමට ඉන්ධනවලින් අධික ලාභයක් ලබමින් රට පවත්වාගෙන යාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ජනතාව ආණ්ඩුවත් සමඟ තවදුරටත් රැඳී නොසිටින බවද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ අතර කර්මාන්තකරුවන්ට ජූලි 01 වැනිදා සිට 18%ක වැට් බදු ගෙවීමටද සිදුව ඇති තත්ත්වයක ඔවුන් කබලෙන් ලිපට වැටෙන බවයි මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේ.

මන්ත්‍රීවරයා මෙම ආහස් දක්වා සිටියේ අද (19) පවතින දේශපාලන තත්ත්වයන් ගැන මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...