*
Monday, October 7, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/19

  1. දේශීය ණය ප්‍රශස්තකරණ (debt optimisation) ක්‍රියාවලිය තවමත් අවසන් කර නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි: ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා යොදා ඇති පරිශ්‍රමයන්ට අදාළව ද්වීපාර්ශ්වික ණයහිමියන් සමඟ කටයුතු කිරීම අතින් රජය ප්‍රගතියක් ලබා ඇති බව පවසයි: මීට ඉහත අවස්ථාවක, දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු නොවන බවට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් පුන පුනා පවසා තිබිණි.
  2. වගකීම් විරහිත ණය පැහැර හැරී‍ම, පෙර නොවූ විරූ පරිදි ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ යාම, සහ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රු. 299 සීමාව ඉක්මවා අවප්‍රමාණය වීමට ඉඩ දීම හේතුවෙන් 2022 දෙවන කාර්තුවේ සිට රටේ සැබෑ ආර්ථිකයට දරුණු ලෙස බලපෑම් එල්ල වී ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් පවසයි: 2022 දෙවන, තුන්වන සහ සිව්වන කාර්තුවල පිළිවෙලින් 8.4%, 11.8% සහ 12.4% ලෙස ආර්ථිකය හැකිලී ඇති අතර, 2023 පළමු කාර්තුව තුළ 11.5% කින් හැකිලී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
  3. සතියක් තුළ ශ්‍රී ලංකා රුපියල, 2023.06.06 පැවති රු. 297.94 සිට 2023.06.16 වන විට රු. 319.66 දක්වා රු. 21.72 කින් (හෝ 7.3% කින්) දැවැන්ත ලෙස කඩා වැටෙයි: මෙසේ රුපියල කඩා වැටීමට ලක්ව තිබෙන්නේ, භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ආයෝජනවලින් බලාපොරොත්තු වූ පරිදි ම “hot-money” ආකාරයේ ආයෝජන ඉවත්ව යාම නිසා බවට විශ්ලේෂකයන් කිහිප දෙනෙකු විසින් ම පෙන්වා දී ඇති අතර, මෙම සතිය තුළම එකී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ආයෝජනවල ඇ.ඩො. මිලියන 28.9 (4.5%) ක පමණ පහළ යාමක් නිරීක්ෂණය කිරීමට හැකිය.
  4. ජූනි 22 සහ 23 දෙදින තුළ පැරිසියේ පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවට (Global Leaders’ Summit for a New Global Financing Pact) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වීමට නියමිත ය: සිය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඇතුළු ඉහළ මට්ටමේ නියෝජිතයන් පිරිසක් ද ජනාධිපතිවරයා සමඟ මේ සඳහා සහභාගී වීමට නියමිත ය: දේශගුණ විපර්යාස, ජෛව විවිධත්ව පරිහානිය, ඉදිරියට යන කොවිඩ් වසංගතයේ බලපෑම් ආදී කරුණු රාශියක් මෙම සමුළුව තුළ සාකච්ඡාවට බඳුන් වීමට නියමිත ය.
  5. විශ්වවිද්‍යාල 02ක නේවාසිකාගාරවල ගෙල වැලලාගෙන සිටියදී සොයා ගැනුනු උතුරු පළාතේ උපාධි අපේක්ෂකයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මරණයට පත්වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන අරඹයි.
  6. ළමා හිංසනයට අදාළව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කරමින් සිටියි.
  7. 2023 වසර තුළ මේ දක්වා ඩෙංගු ආසාදිත පුද්ගලයන් 45,606 හඳනා ගෙන ඇති බව වසංගත රෝග ඒකකය පවසයි: ඉහළම සංඛ්‍යාව වූ 10,111 හඳුනාගෙන තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි: සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප 67 ක් අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇත: 2023 ජනවාරි සිට ඩෙංගු ආශ්‍රිත මරණ 27 වාර්තා වී ඇත.
  8. ජූලි 01 වන දින සිට කොන්දොස්තරවරුන් නොමැති බස්රථ සේවාවක් හඳුන්වා දෙන බව ගමනාගමන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි: මෙම නව යාන්ත්‍රණය සමඟ, කොන්දොස්තරවරුන් විසින් ආදායම ගසා කෑම අවසන් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අපේක්ෂා කරයි: මීට අදාළ පාලක ව්‍යාපෘතිය ලෙස, ජූලි 01 වන දින සිට සියලු අධිවේගී මාර්ගවල කොන්දොස්තරවරුන් නොමැති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ ධාවනය වීමට නියමිත ය.
  9. 95 පෙට්‍රල් තොගවල හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (LIOC) වෙනත් ඛනිජ නිශ්පාදනවල හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි: ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් තොග ඇති අතර, ලබා දෙන සියලු ඇණවුම් බෙදාහැරීමට කටයුතු කරන බව පවසයි: මෙට්‍රික් ටොන් 9,000 ක 95 පෙට්‍රල් තොගය ජූනි 22 වන දින දිවයිනට පැමිණීමට නියමිත බව ද පවසයි.
  10. නවතම දේශීය කල්වාරි පන්තියට (Kalvari-class) අයත් ඉන්දියානු සබ්මැරීනයක් වන ‘වාගීර්’ (Vagir) 2023 ජූනි 19 සිට 22 දක්වා කොළඹ දී ක්‍රියාකාරී සංචාරයක නිරත වීමට නියමිත ය: ලොව පුරා තෝරාගත් වරායන් කිහිපයක යෝගා පැවැත්වීමේ සුවිශේෂී මුලපිරීමක් සේ සැලකෙන ‘ග්ලෝබල් ඕෂන් රිංග්’ (Global Ocean Ring) තේමාව යටතේ 09 වන “ජාත්‍යන්තර යෝගා දිනය” (International Day of Yoga) සැමරීම සදහා මෙම සබ්මැරීන සංචාරය සංවිධානය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan