ධනුෂ්ක සඳරුවන්ගෙන් අටේ පිමි දෙකක්

Date:

ඇමෙරිකාවේ චුලා විස්ටා හී ඔලිම්පික් පාක්වේ කේන්ද්‍ර කර ගනිමින් පැවති මැක්සිමම් විලෝසිටි මලල ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකාවේ ධනුෂ්ක සඳරුවන් මීටර් 8 ඉක්මවා යන ලද පිමි දෙකක් පැනීමට සමත් විය.එම පිමි දෙක මීටර් 8.05 සහ මීටර් 8.03 ක් විය.ප්‍රථම ස්ථානය හිමි සහ දෙවන ස්ථාන මීටර් 8.06 ක් වූ සම දක්ෂතාවලට හිමි විය.ඒ අනුව පළමු තැන ඇමෙරිකාවේ ඉෂාක් ග්‍රීම්ස්ට හිමි විය.එ් ඔහුගේ දෙවන හොඳම පිමිම දෙවන ස්ථානය දිනූ ඇමෙරිකාවේම රේවන් ග්‍රේට වඩා ඉදිරියෙන් තිබුණු බැවිනි.ඉෂාක්ගේ දෙවන හොඳම පිමිම මීටර් 7.98 ක් විය.රේ ගේ හොඳම දෙවන පිම්ම 7.43 කි.ඒ අනුව මීටර් අටේ සීමාවෙන් ඔබ්බට පිමි දෙකක්ම වාර්තා කර තිබුණේ ධනුෂ්ක සඳරුවන් පමණි.

ධනුෂ්කගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය මීටර් 8.10 ක්.එහෙත් කාලීන දක්ෂතාවය ලෙස සළකා බැලීමේදී මීටර් 8.05 ධනුෂ්කගේ හොඳම කාලින දක්ෂතාවය ලෙස ගැනීමට හැකිය.එහෙත් ඔහු විසින් මෙම තරගයේදී පනින ලද පිමි හයෙන් නිල වශයෙන් සහතික කරන ලද පිමි හතරෙන් දෙකකදීම මීටර් 8 ඉක්මවා යාම හොඳ ප්‍රවනතාවයකි.සෙසු නිල පිමි දෙක මීටර් 7.60 ක් සහ මීටර් 7.93 ක් විය.

එසේම මෙම පිම්ම මේ වසරේ ධනුෂ්කගේ හොඳම පිම්ම මෙන්ම මේ වසරේ දුර පැනීමේ ඉසව්වේදී හ්‍රී ලාංකිකයෙකු මේ දක්වා දක්වපු හොඳම කාලින දක්ෂතාවයද වන්නේය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...