මාළිමාවට රට ගොඩනගන ආර්ථික දැක්මක් සකසාගත නොහැකිවීමේ සන්දර්භය සැකෙවින් ….

Date:

ජ.වි.පෙ.යනු දශක හතරකට වැඩිකාලය පුරාවටම වාම ජාතිකවාදයක ඝනීභූතව පැවති දේශපාලන ව්‍යාපාරයකි..

එහි තිබූ ආර්ථික දැක්මේ මූලය වී තිබුනේ උග්‍ර බටහිර විරෝධී සහ උග්‍ර වෙළෙඳපොළ විරෝධී දෘෂ්ටිවාදයකි.. නමුත් මීට වසර දෙකක පමණ සිට ඔවුන් වෙළෙඳපොළ ආර්ථිකය පිළිගන්නා බවත් බටහිර සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට කැමති බවත් එහෙන් මෙහෙන් පවසයි..

නමුත් උග්‍ර වාම ජාතිකවාදී දෘෂ්ටිවාදයක කාලයක් තිස්සේ ඝනීභූතව පැවති දේශපාලන ශරීරයක් පහසුවෙන් ඊට සපුරා ප්‍රතිවිරුද්ධ දර්ශනයකට පීලි පැන්නිය නොහැකිය.. පරිගණකයකට වින්ඩෝස් සෙවන් ඉවත්කර වින්ඩෝස් එයිට් දමන්නාක් සේ සොෆ්ට්වෙයාර්ස් වෙනස් කරන්නාක් සේ දේශපාලන ශරීරයක අටුවම්බැහැපු මතවාදයක් ඉවත් කල නොහැකිය..

මෙහිදී සුනිල් හඳුන්නෙත්ති විසින් ඊලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙකු ලෙස නම් කරන්නේද ඔවුන්ගේ පැරණි මතවාදයට අනුවය.. මන්ද විජේවීර, වීරවංශ මතවාදයන්ට අනුව සියළු ගෝලීය ධනපතීන් ආර්ථික ඝාතකයන් ය.. හඳුන්ගේ ප්‍රකාශයට දැනුවත් සමාජයෙන් විවේචන ගලා එනවිට හඳුන් එය වෙනස් කරගත්තද එයද අවබෝධයෙන් කරන්නක් නොවේ..

ඇත්තෙන්ම ඔවුන් මේවන විට පැරණි දෘෂ්ඨිවාදයේ සහ ඊට ප්‍රතිවිරුද්ධ ලිබරල් මතවාදී අච්චාරුවක සිරව සිටී.. මෙවන් තත්වයක් තුල නිශ්චිත ආර්ථික දැක්මක් සකසාගැනීමටද නොහැකිය..

මාළිමාව යනු පැරණි මතවාදයෙන් ඉතා සෙමෙන් ඉවත්වෙමින් සිටින සහ නව දර්ශනයකට අනුගතවෙමින් සිටින වයස අවුරුදු දෙකක පමණ වයසැති ළදරු ධනපති පක්ෂයක් ලෙස හඳුන්වා දිය හැක..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...