හිටපු ඇමති කෙහෙළියට එරෙහිව තවත් විමර්ශනයක්!

Date:

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ ඔහුට භාර දී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගයේ නිල රථ අව භාවිතයක් සිදු කර ඇත්ද යන්න පිළිබඳවයි.

රඹුක්වැල්ල මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය අහිමි වීමෙන් අනතුරුව ඔහුට ලබා දී තිබූ නිල රථ දෙක අවභාවිත කරන බවට සිවිල් පුරවැසියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව එම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

2022 මැයි මස සිට කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන අවධියේ එම අමාත්‍යංශය මගින් අමාත්‍යවරයාට සහ කාර්ය මණ්ඩලයට ලබාදී තිබුණු මෝටර් රථ කීපයක් ඉකුත් ඔක්තෝබර් මස 23 වෙනි දින සිට පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත්වීමෙන් පසුව රැගෙන ගොස් තිබූ බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එම මෝටර් රථ නැවත භාර දෙන ලෙස දිගින් දිගටම කළ ඉල්ලීම් වලට අනුව අමාත්‍යවරයාට නිල රථයක් ලෙස ලබා දී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගය සුඛෝපභෝගී මෝටර් රථ දෙක හැර අනෙක් වාහන භාර දී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටිය දී පසුගිය පෙබරවාරි තුන්වෙනිදා සිට කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වුවද එම මෝටර් රථ දෙක ආපසු භාරදී නොතිබුණු බව විමර්ශනවලදී හෙළිව ඇති බවද සඳහන්.

එම නිල රථ දෙක මෙතෙක් භාර නොගැනීමට හේතු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් හා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කරුණු විමසමින් විමර්ශන කරන අතරතුර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අමාත්‍යාංශ ලේකම්වරියකගේ මාර්ගයෙන් ඉකුත් මස 24 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයට එම වාහන භාරදිමටයි කටයුතු අකර ඇත්තේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරියක විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පසුගිය මැයි මස 25 වැනි දින එය ලිඛිතව දන්වා ඇති බවද සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Sri Lanka Economic Summit 2025 දෙසැම්බර් 2 සහ 3 යන දිනවලදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : දෙසැම්බර් 2 සහ...

“වසරේ ගෝලීය වෙළඳ නාමය”බ්‍රවුන්ස් SUMO WORLD රන් සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : බ්‍රවුන්ස් කෘෂිකර්මාන්තය මෑතකදී...

දෑස නොපෙණුනත් ක්‍රිකට්වලින් ලෝකය ජය ගත හැකියි – 0714098507 හෝ 0773589997 දුරකථන අංක අමතන්න

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: වැඩි පෙණුමක් නැතුව වැඩි...

පරිසරය වෙනුවෙන් ගත් හොඳම තීරණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : " ධර්ම සුගන්ධ...