(VIDEO):විශ්ව විද්‍යාල අනධ්‍යන ප්‍රශ්නය විසදන්න පුළුවන්ද? බැරිද? මෙන්න ඇමති දුන්න උත්තරය

Date:

කොළඹ LNW:විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වී තිබෙන අතර අද (20) දිනයේදීත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් ප්‍රශ්න කරනු ලැබීය.

ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසුවේ මෙම අනධ්‍යන කාර්ය මණ්ඩල වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා කමිටුවක් පත්කර තිබෙන අතර කඩිනමින් ඊට විසදුම් ලැබෙනු ඇති බවයි.

පසුගිය 2018 වර්ෂයේ සිටම මෙම වැටුප් ප්‍රශ්නය මතුව තිබෙන අතර අධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 107%ක වැටුප් වැඩිකිරීමක් සිදුවන වන අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා එය වැඩිව තිබුණේ 92%කින් වන අතර ඒ අනුව 15%ක වෙනස සම්පූර්ණ කරන ලෙස අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඉල්ලා තිබේ.

එම ගැටලුව විසඳීම සඳහා ලබන අයවැය හරහා ප්‍රතිපාදන වෙන්කර සෙසු ඒවාට බලනොපාන පරිදි එළඹෙන ජනවාරි සිට ඊට විසඳුම් දීමට සුදානම් කර තිබියදී අධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 25%ක අධ්‍යන දීමනාව වැඩිකර තිබෙන හෙයින් ඊට අදාළව ද ගැළපුම් දීමනාවක් ලබා දෙන ලෙස අනධ්‍යන කාර්ය මණ්ඩල ඉල්ලා තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එයට අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වන බවත් පත්කර තිබෙන කමිටුව හරහා මෙයට විසඳුමක් ලබා ගැනීමට කටයුතු කරන බවත් ප්‍රේම්ජයන්ත මහතා අවධාරණය කරන ලදී.

කෙසේවෙතත් මහා භාණ්ඩාගාරය අවසර දෙන්නේ නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ඔවුන් සතු මුදලකින් ඊට යම් විසඳුමක් දීමට සූදානම් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

චන්ද්‍රසේකර් ප්‍රපංචයේ මනෝවිශ්ලේෂනය ….

අද මම ලියන්ට හීතුවේ අපෙ රවී සහෝදරයා (චන්ද්‍රසේකර්) තැනට...

ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන්...

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...