පාස්කු වින්දිතයින්ට ලැබුණු වන්දි මුදල් ගැන ප්‍රකාශයක් කරන්න – හිටපු ජනපති කාදිනල් හිමිට කියයි!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයෙන් පසු වින්දිතයින් වෙත ලබා දුන් වන්දි මුදල් එම වින්දිතයින්ට ලබා දීමට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ කටයුතු කර නැති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කරයි.

ඒ අනුව උන්වහන්සේට ලැබුණු එම මුදල් ගැන උන්වහන්සේ පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

තමන් ජනාධිපතිව සිටි සමයේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිත වූ සෑම පුද්ගලයෙකුටම තමා විසින් වන්දි ලබාදීමට පියවර ගත් බවද මෛත්‍රීපාල සිරිසේන මහතා

“මම ගිනස් පොතට ගිහින් තියෙන්නේ නඩු 400 ගණනක් තිබෙන නිසා. කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් නඩු 400 ගාණක් දැම්මා. මැරිච්ච අයට එක නඩුවයි අතපය කැඩිච්ච අයට එක නඩුවයි. වන්දි ගෙවන්න කියලා. නමුත් මම ජනාධිපතිවරයා කාළේ ඒ හැම කෙනෙකුටම පැහැදිලිවම මම වන්දි ගෙව්වා.
කතෝලික සංවිධාන, ලෝකයේ රටවල්වලින්, විවිධ සංවිධානවලින්, ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ආදී නොයෙකුත් අය කාදිනල් හිමිට පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සල්ලි දුන්නා. ඒ අය දුන්න සල්ලිවලට මොකද වුණේ කියලා කරුණාකරලා කාදිනල් හිමි ඉදිරිපත් කරනවා නම් හොඳයි. නාමලේඛනයක්. මෙන්න මට ලැබුණු සල්ල. මෙන්ම මම දුන්නා කියලා. ඒ සත පහක් වින්දිතයින්ට දුන්නේ නෑ. මම ආණ්ඩුවෙන් සල්ලි ගෙවලත් ජනාධිපති කාළේ මට නඩු දාලා තියෙනවා මට වන්දි ගෙන්නයි කියලා.”

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...