රාජපක්ෂ හොර නඩය එක්ක ආණ්ඩු හදන්න පුලුවන්ද ? – විපක්ෂ නායක සජිත් අසයි (VIDEO)

Date:

වගකීම් භාර ගන්නා ලෙස ඇතැමුන් ඉල්ලා සිටියදී, කිසිවිටකත් සමගි ජන බලවේගය හෝ තමන් වගකීම් පැහැහැර නැති බවත්, එහෙත් රට විනාශ මුඛයට රැගෙන ගිය පොහොට්ටුවේ හොර කල්ලි සහ රාජපක්ෂවරු සමග සන්ධානගතව ආණ්ඩු හැදිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද මේ රටේ ජනතාවට මේ ආණ්ඩුව පිළිබඳව අබමල් රේණුවක විශ්වාසයක් නැති බව පැවසූ විපක්ෂ නායකවරයා එවැනි කණ්ඩායම් සමඟ ආණ්ඩු කරමින් මේ රට ගොඩනැඟිය හැක්කේ කෙසේදැයි විමසා සිටියේය.

තවදුරටත් මේ රට වැහිච්ච සංවෘත රටක් ලෙස ඉදිරියට ගෙන යා නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා ලෝකය සමඟ ගනුදෙනු කරන, ලෝකයට විවෘත,ලෝකය සමග පාලම් බඳින රටක් බවට අපේ රට පත්විය යුතු බවද පැවසීය.

සමගි ජන බලවේගය මේ දිනවල පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කොට ඇති අතර ඊට සමගාමීව කුරුණෑගල දිස්ත්රික්කයේ මාවතගම ආසනයේ ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (19) මාවතගම සාමෝදය ශාලාවේ දී පැවැත්විණි.සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී,හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ මාවතගම ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ජේ සී අලවතුවල මහතා විසින් එම රැස්වීම සංවිධානය කර තිබූ අතර ඊට විශාල පිරිසක් එක්ව සිටියහ.

මහ පාරේ පෝලිම්වල ලතවෙන ජනතාවට, පාසල් අහිමිව නිවෙස්වල ගත කරන දරුවන්ට, අනාගතය පිළිබඳව අපේක්ෂා භංග වූ තරුණ පරපුරට ලබා දෙන්නට විසඳුමක් හෝ වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නැති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජනාධිපති සහ අගමැතිවරයා ඉල්ලා සිටින්නේ දුක දරාගෙන ඉන්නා ලෙස යැයි ද සඳහන් කළේය.

එසේ නැති බැරි බැරිකම් සහ නොහැකියාවන් පිළිබඳව කියන්නට ආණ්ඩුවක් අවශ්‍ය නැති බව පැවසූ විපක්ෂ නායකවරයා නව ජනවරමකින් මෙපිට මේ බරපතළ අර්බුදයට විසඳුම් නැති බවද පැවසීය.

අද වන විට රටට අත්ව ඇති ඉරණමට බොරු දේශප්‍රේමය ද හේතුවක් බව පැවසූ විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගයේ ඉදිරි දැක්ම වන්නේ රටේ නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීම බවද පෙන්වා දුන්නේය. ඒ අනුව තොරතුරු තාක්ෂණය වර්ධනය කිරීමත්, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමත්, කුසලතාවය සහ නිපුණතාවය ඇති ශ්‍රම වෙළෙඳ බලකායක් රට තුළ නිර්මාණය විය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...