රනිල් අගමැතිකමෙන් නෙරපීමේ කුමන්ත්‍රණයක් !

Date:

රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය තනතුරින් ඉවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සූදානමින් සිටින බව වාර්තා වේ.

අද (20) පස්වරු 05.00 ට එම මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාව හමුවීමට නියමිතව ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා ගතවූ මාසයකට අධික කාලය තුළ කළ දෙයක් නොමැති බව පවසමින් ඔහුව ඉවත් කර යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයකු පත්කිරීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ඔවුන් සූදානමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එමෙන්ම හෙට දිනයේදී ඔවුන් පාර්ලිමේන්තුවේදී තම මන්ත්‍රී කණ්ඩායමෙහි ශක්තිය පෙන්වීම සඳහා යම් සූදානමක ද සිටින බවත් සඳහන්.

වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

ශ්‍රී ලංකාවේ පළමු ප්ලාස්ටික් පරීක්ෂණාගාරය විවෘත වේ….

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : GP Certified විසින්...

ගනේමුල්ල සංජීව ඝාතනය: සැකකාර නීතිඥවරිය ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට...

බන්ධනාගාර ගත කරන්න තරම් සාක්ෂි නෑ.බැකෝ සමන්ගේ බිරිඳට ඇප!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය පනත හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...