රනිල් අගමැතිකමෙන් නෙරපීමේ කුමන්ත්‍රණයක් !

රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය තනතුරින් ඉවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සූදානමින් සිටින බව වාර්තා වේ.

අද (20) පස්වරු 05.00 ට එම මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාව හමුවීමට නියමිතව ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා ගතවූ මාසයකට අධික කාලය තුළ කළ දෙයක් නොමැති බව පවසමින් ඔහුව ඉවත් කර යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයකු පත්කිරීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ඔවුන් සූදානමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එමෙන්ම හෙට දිනයේදී ඔවුන් පාර්ලිමේන්තුවේදී තම මන්ත්‍රී කණ්ඩායමෙහි ශක්තිය පෙන්වීම සඳහා යම් සූදානමක ද සිටින බවත් සඳහන්.

වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...