ණය ගෙවන්නේ නෑ කියපු තීරණයේ වගකීම අදටත් භාරගන්නවා. ඒ තීරණය හරි – අලි සබ්‍රි (VIDEO)

Date:

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ආපසු නොගෙවීමට පසුගිය වසරේදී ගත් තීරණයේ වගකීම අදටත් තමන් භාරගන්නා බව අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.

ප්‍රශ්නය – එදා අපි ණය ගෙවන්නේ නෑ කියලා ගත්තු තීරණයේ වගකීම ඔබ අදටත් භාරගන්නවාද ?

“අනිවාර්යයෙන්ම. අපි ඒක සාමූහිකව ගත්ත තීරණයක්. ප්‍රධාන වශයෙන් ඒ යෝජනාව ආවෙ මූල්‍ය මණ්ඩලයෙන්. මූල්‍ය මණ්ඩලයේ ප්‍රධානියා හැටියට ඉන්නෙ මහබැංකු අධිපති. ඊට පස්සේ ඒ පිළිබඳ කරුණු මට ඉදිරිපත් කළා මහබැංකු අධිපතිතුමා සහ භාණ්ඩාගාර ලේකම්තුමා. මට යෝජනා කළාට පස්සෙ – විශේෂඥ මණ්ඩලයක් අපට තිබුණා කුමාරස්වාමි මැතිතුමායි ශාන්ත දේවරාජන් මැතිතුමායි, ෂාමිනී කුරේ මහත්මියයි – ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කළාට පස්සේ මට ලැබුණු තොරතුරු අනුව සහ අපට තිබුණු ඔප්ෂන්ස් ටික එක්ක බලනකොට ඒක තමයි ගත හැකි හොඳම තීරණය”

ප්‍රශ්නය – ඔබ හිතනවාද අදටත් ඒ තීරණය හරියි කියලා ?

“අනිවාර්යයෙන්ම. ඒකෙන් තමයි රට නැවත පුනරාගමනයට, ආර්ථික ප්‍රගමනයට ආවේ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබ දැනටත් ඒ තීරණය වෙනුවෙන් පෙනී සිටිනවාද ?

“අනිවාර්යයෙන්ම”

මොහොමඩ් අලි සබ්‍රි මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරක්: එක් අයෙකු ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක නොවැම්බර්10, කොළඹ LNW : බස් රථයක් අඩි...

මේ රජය යන මාර්ගය හොඳයි.එක හැන්දෙන් බෙදන බව පේනවා – සරත් ෆොන්සේකා

කොළඹ LNW: මෙතෙක් කාලයක් පැවති රජයන් වලට වඩා වර්තමාන...

බන්ධනාගාර ගැන ඇහෙන අමුතු කතා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : ගාල්ල බන්ධනාගාරයේ හෝ...

මාක්ස්වාදී හිසකට නව ලිබරල් ඇඟක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත්දා සිය දෙවැනි...