*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/20

  1. රජය විසින් සැලසුම්කළ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහාය හිමි නොවන්නේ නම් තමාට පාර්ලිමේන්තුව විසුරුවා දැමීමට සිදුවනු ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට අනතුරු ඇඟවූ බවට දේශපාලන ආරංචිමාර්ග පවසයි.
  2. ඉකුත් දින ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් සැකකරුවන් තිදෙනෙකු ද සමඟ අත්අඩංගුවට ගත් කි.ග්‍රෑ 1,227 ක කංසා තොගය, මෙතෙක් එකවර අත්අඩංගුවට පත් වූ විශාලතම කංසා තොගය විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
  3. වාණිජ බැංකු කිහිපයක ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව නැවත වරක් අධිප්‍රමාණය වෙයි: මහ බැංකු විනිමය අනුපාත අනුව, ඇමරිකානු ඩොලරයේ විකිණුම් මිල රු. 315.13: ශ්‍රී ලංකා රුපියල මෙසේ අදහාගත නොහැකි අන්දමින් උච්චාවචනයට ලක්වීම, “hot-money” ආකාරයේ ආයෝජකයන්ට දැවැන්ත ලාභ (ඊට සමඟාමීව රජයට ලැබෙන පාඩු) ඉපයීම සඳහා තෝතැන්නක් වී ඇති බව විශ්ලේෂකයෝ පවසති.
  4. ශ්‍රී ලංකාවට අයවැය හා සුබසාධන සහාය ලබා දීමේ අරමුණින් එළඹෙන ජූනි 28 වන දින ලෝක බැංකුව විසින් ඇ.ඩො. මිලියන 700 ක මුදලක් අනුමත කිරීමට ඉඩ තිබෙන බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි: මෙම මුදල අනුමත වූවහොත්, ආර්ථික අර්බුදයකින් පීඩා විඳින ශ්‍රී ලංකාවට, ඉකුත් මාර්තුවල අනුමත වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් අනතුරුව ලැබෙන දැවැන්තම අරමුදල් වාරිකය මෙය බවට පත්වනු ඇත: වෙනත් කිසිඳු අරමුදලක් ද්වී-පාර්ශ්වික හෝ වාණිජ ණයහිමියන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබෙන බවක් පෙනෙන්නට නොමැති බවට විශ්ලේෂකයන්ගේ මතයයි.
  5. වෙනස්කම් පසෙකලා ආණ්ඩු පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහට දිගටම සහාය දීමට සූදානම් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි: ඔහුගේ පරිපාලනය කඩාකප්පල් කිරීම පෝලිම්වලට නැවත අතවැනීමක් වනු ඇති බව පවසයි: 2022 අප්‍රේල් 01 වන දින සිට, ශ්‍රී ලංකාව දෙවන, තුන්වන හා සිව්වන කාර්තුවල පිළිවෙලින් 8.4%, 11.8% හා 12.4% ක දැවැන්ත ආර්ථික හැකිලීමකට ලක්ව ඇති අතර, 2023 පළමු කාර්තුව තුළ 11.5% ක ආර්ථික හැකිලීමකට ලක්ව ඇති බවට මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
  6. සාමාන්‍ය මැතිවරණයක් කැඳවීම කිසිඳු තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයාගේ පරමාධිකාරීත්වය විය නොහැකි බව සමඟි ජන බලවේගයේ පා.ම. හර්ෂණ රාජකරුණා පවසයි: ජනාධිපතිවරයා විසින් පළාත් පාලන මැතිවරණය දින නියමයකින් තොරව කල්දැමීමට කටයුතු කිරීම හමුවේ තම පක්ෂය විසින් දැක්වූ ප්‍රතිචාරයට තවමත් පාර්ලිමේන්තුවේ සිටින විශාලතම කණ්ඩායම හිමි දේශපාලන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැජ්ජාවට පත්විය යුතු බව අවධාරණය කරයි.
  7. සැලකිය යුතු මට්ටමේ ඉහළ බදු ආදායමක් ඉපයීම සඳහා, ආයතන වෙතින් නිදහස් කළ එකතු කළ අගය මත බදු (VAT) යළි පැනවිය යුතු අතරම, එම ආයතන සඳහා ලබා දුන් ඉකුත් බදු නිවාඩු පිළිබඳ යළි සාකච්ඡා කළ යුතුව ඇති බව ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජික ආචාර්ය ෂර්මිනී කුරේ පවසයි: බදු පිළිබඳ සලකන විට, මෙරට ධනවත් පුද්ගලයන් සැලකිය යුතු මට්ටමක බදු ගෙවීමක් සිදු නොකරන බවත්, ආයතන සඳහා ලබා දී ඇති බදු සහන පමණට වැඩි බවත් පෙන්වා දෙයි.
  8. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයෙන් පසු ණය පැහැර හැරීම හමුවේ කර්මාන්තකරුවන් මුහුණ පෑ ආතතිය සමනය කිරීම සඳහා, මහ බැංකුව හරහා වාණිජ බැංකු සහභාගී කරවා ගෙන පරිපූර්ණ හා වඩාත් සම්බන්ධීකරණය කළ ප්‍රවේශයක් ගැනීමට නීතිසම්පාදකයන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) පවසයි.
  9. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දුලිප් මෙන්ඩිස්ගේ පුහුණුව ලද ඕමාන ක්‍රිකට් කණ්ඩායම, සිම්බාබ්වේ හි පැවති සිය පළමු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයේදී අයර්ලන්තය පරාජය කිරීමෙන් දැවැන්ත අවධානයක් දිනා ගනියි: මෙය ටෙස්ට් රටක් සමඟ එක්දින තරඟයකදී ඕමානය ලැබූ පළමු ජයග්‍රහණය බව සඳහන්: අයර්ලන්තය – කඩුලු 281/7 (50); ඕමානය 282/5 (49.1).
  10. ශ්‍රී ලංකාව සිය පළමු 2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවා ලකුණු 175 කින් ජයග්‍රහණය කරයි: වනිඳු හසරංග තම දිවියේ හොඳම ලකුණු 6/24 ලබා ගනී: ශ්‍රී ලංකාව – 355/6 (50); කුසල් මෙන්ඩිස් – 78, සධීර සමරවික්‍රම – 73: එක්සත් අරාබි එමීර් රාජ්‍යය – සියල්ලන්ම දැවී (39) 180: හසරංග – 24/6.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan