අද පාර්ලිමේන්තුව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (20) පස්වරුවේ, මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වු නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමු වරට රැස්වීමටයි බලාපොරොත්තු වන්නේ.

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය දා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේ , එක්ස්ප්‍රස් පර්ල් හා නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු ගැන සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසටයි.

එම ඉල්ලීමට අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරනු ලැබූ අතර, අදාළ කාරක සභාව පළමු වරට අද රැස්වීමට නියමිත බව එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේය.

තවද, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවද අද රැස්වීමට නියමිතව ඇති අතර , පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය අද දිනයේ කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි.

හෙට (21) දිනයේදී ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත අතර අනිද්දා දිනයේදී ලංකා සතොස ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

මේ අතර මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර ,අද දිනයේදී පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරතාවය කිරිගිස්තානයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: අවුරුදු 19 පහළ මධ්‍යම...

සබීතා පායට රනිල් අත්අඩංගුවට ?

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් කුලී...

තවත් හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මේ සතියේ අත්අඩංගුවට ?

තවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මේ සතියේදී අල්ලස් හෝ දුෂණ...

සංජය ඈපාගේ “ආදර සාදය” අද එළිදකී

සටහන - රුවන් නෙළුගොල්ල හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු...