සිම්බාබ්වේ පැවත්වෙන එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජයගත්තේ අන් සියලු කණ්ඩායම්වලට අබොහෝ අලුත් කණ්ඩායම් ප්‍රතිවදීන් බලාපොරොත්තු නොවූ ආකාරයේ තර්ජනයක්ව ක්‍රියා කරන ආකාරයෙ තරම අද හොඳින්ම පෙන්නුවේ ඕමාන් කණ්ඩායම.ඔවුන් ටෙස්ට් පිටියේ කෝඩුකාරයා වන අයර්ලන්තය ලබා ගත් ලකුණු 281 පන්දු ඕවර් 48.1 දී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 285 ක ට පිවිසෙමින් කඩුලු 5 ක ජයග්‍රහණයක් කරා ගියේ සෙසු කණ්ඩායම් වෙත අනතුරු හඟවමින්.තරගාවලියේ පළමු දිනයේ ඒ ආකාරයටම සිම්බාබ්වේට සහ කොදෙව් දූපත් කණ්ඩායම පිළිවෙලින් නේපාලය සහ ඇමෙරිකාව එල්ල කළ තර්ජනය සුළුපට නොවන තත්වයක අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය තම අත්දැකීම්වලින් පෙරළා දැමූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිය ටෙස්ට් තත්ත්වයේ ගෞරවය ඉහළින්ම ආරක්ෂා කර කණ්ඩායමයි.
නතුරු හැඟවීමක් ද සමඟින්.මේ තරගාවලියට සහභාගිවන
එසේම අද අයර්ලන්තය පරදා පෙරළියක් කළ ඕමාන් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූයේත් ශ්‍රී ලංකාවේ දුලිප් මෙණ්ඩිස් විමත් අභිමානයට කරුණක්.ශ්‍රී ලංකාවට පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය ගෙන ඒමට නායකත්වය දුන් දුලිප් මෙණ්ඩිස් 96 වසරේදී ශ්‍රී ලංකාව එක්දින ලෝක සූරතාවය දිනන මොහොතේ කණ්ඩායමේ කළමණාකරු ලෙසත් කටයුතු කළා.එසේම අද මෙණ්ඩිස්ගේ නම ඉතිහාසයට එකතු වුණේ ඕමාන කණ්ඩායම ටෙස්ට් ජාතියක් පළමු වරට පරාජය කරන මොහොතේ එම කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කිරීමෙනුයි.
ඊයේ පැවති ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයේදී කාසියේ වාසිය එමීර් රාජ්‍ය කණ්ඩායමට හිමි වුණත් ඔවුන් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රි ලංකා කණ්ඩායමට ආරාධනා කරනවා.පිතිකරුවන්ට උචිත තණතීරු සැකසී තිබෙන බව දකින්නට තිබෙන මේ තණතීරුවේ එම තීරණයට ශ්‍රී ලංකාවෙන් පිළිතුරු දීම අරඹන්නේ පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්නයි.ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබදතාවය ලකුණු 95 ක්.දිමුත් ලකුණු 52 ට පිටියෙන් ඉවත් වූ පසු පැතුම් නිශ්ශංක ලකුණු 57 ට දැවී යන්නේ ශ්‍රී ලංකාවේ දෙවන අර්ධ ශථකයේ හිමිකරුවා ලෙසයි.
ශ්‍රී ලංකාව විශිෂ්ඨත්වයට රැගෙන ගිය සබදතාවය පැවත්වෙන්නේ තෙවන කඩුල්ල සඳහායි.ඒ ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙණ්ඩිස් (78) සහ සමීර සමරවික්‍රම (71) අතරයි.එම ලකුණු සබදතාවය ලකුණු 105 ක් වුණා.විශේෂයෙන් කුසල් වේගයත් සමඟ මනරම් පහරවලින් පිිටිය සරසමින් හිටියේ ඔහුගේම වැරදි කිරා මැන බැලීමකින් මිස එමීර් රාජ්‍යයට දවා ගැනීමට අසීරු බව ප්‍රකට කරමින්.ඒ ආකාරයට පිටියෙන් පිටතට පහරක් එල්ල කිරීමට උත්සාහ කළ කුසල් ඔහු මුහුණ දුන් 63 වන පන්දුවේදී කඩුල්ල අහිමි කර ගත්තා.
තරගයේ අවසාන භාගයේදී ශ්‍රී ලංකා ඉණිමේ වාර්තා වූ හයේ පහර දෙකටම හිමිකම් කියමින් චරිත් අසලංක පන්දු 23 දී ලකුණු 48 නොදැවී ලබා ගන්නට සමත් වුණා.එසේම වනිඳු හසරංග පන්දු 12 ක් තුළ ලකුණු 23 ක් ලබා ගනිමින් ඔහුට අනගි සහයක් ලබා දුන්නා.ලකුණු 297 දී පස්වන කඩුල්ල අහිමි වූ ශ්‍රී ලංකාවට ඔවුන් දෙදෙනා හයවන කඩුල්ල වෙනුවෙන් නොබිඳි ලකුණු 58 ක් එකතු කරන්නටත් සමත් වුණා.

ලකුණු 356 ක් තරම් විශාල ලකුණු ප්‍රමාණයක් කරා පිතිකරුවන්ට යොග්‍ය තණතීරුවක එමීර් රාජ්‍යයට අභියෝගයට මුහුණ දෙන්නට පැමිණියා.නමුත් ඔවුන් කිසිවෙකුට අර්ධ ශතකයකට හෝ යාමට තබා දෙදෙනෙකු එකතුව අර්ධ ශතක සබදතාවයක් හෝ ඇති කර ගන්නට ඉඩක් ශ්‍රී ලංකාවෙන් ලැබුණේ නැහැ.ඔවුන්ගේ හොඳම ඉණිම විරිත්යා අරවින්ද (39) සතු වුණා.හොඳම සබඳතාවය ලෙස ලකුණු 48 ක් හයවන කඩුල්ල වෙනුවෙන් තබන්නට අලි නසීර් (34) සහ රමීෂ් ෂෙශාඩ් සමත් වුණා.
එමීර් රාජ්‍යයේ සියලු හින දඩයම් කළ වනිදු හසරංග ඔහුගේ එක්දින ජීවිතයේ හොඳම පන්දු යැවීම කරමින් ලකුණු 34 ට කඩුලු 6 ක් දවා ගත්තා.ඒ නිසාම වනිඳු තරගයේ වීරයා බවට පත් වුණා.

ලකුණු පූවරුවට පිවිසෙන්න
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-2023-1377745/sri-lanka-vs-united-arab-emirates-3rd-match-group-b-1377748/full-scorecard
ශ්‍රී ලංකා ජාතිකයෙක් ලෙස දුලිප් මෙණ්ඩ්ස් ඕමානයට පුහුණුකාරීත්වය දෙමින් එම රටට ඓතිහාසික දිණුමක් ලබා දෙන්නට මැදිහත් වීමේ සතුටත් සමඟ පහත සබැඳියෙන් එම ලකුණු විස්තරයටත් පිවිසෙන්නට අවස්ථාව තිබෙනවා.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-2023-1377745/ireland-vs-oman-4th-match-group-b-1377749/live-cricket-score



සටහන – නිෂ්මං රණසිංහ
