ඊයෙ හොංකොං වැස්ස තීරණයට අදට ගෙන එයි

Date:

ආසියාවේ මතු අනාගත බලාපොරොත්තු සහිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවත්වෙන ක්‍රිකට් තරගාවලියේ බලාපොරොත්තු වැස්සෙන් දියබත් ව යාම තවමත් නැවතී නැත.තීරණයක් නොමැතිව අවසන් පූර්ව තරගද අදට කල් දැමිණ.අවසන් පූර්ව තරග සඳහා පැමිණි කණ්ඩායම් ද එතැනට පැමිණියේ එක් තරගයක ජයග්‍රහණයක් පමණක් සමඟින්ය.

තරග පැවත්වීම සඳහා එක් ක්‍රීඩාංගණයක් පමණක් කේන්ද්‍ර කරගෙන මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමට ආසියානු ක්‍රිකට් ගත් තීරණය මතු අනාගත බලාපොරොත්තු සපල කර ගන්නට ගත් තීරණයට තමන්ම අගෞරව කිරීමක් බඳුය.ඒ නිසා එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායමට සහ මැලේසියා කණ්ඩායමට හැරෙන්නට අන් කිසිඳු කණ්ඩායමකට තරග දෙකක් තීරණයක් සහිතව නිමා කිරීමට අවස්ථාව නොලැබිණ.

ශ්‍රී ලංකාව සිටි තරග කාණ්ඩයේ මේ කණ්ඩායම් දෙක සහ බංගලාදේශය සිටි අතර එමීර් රාජ්‍යය කණ්ඩායම ශ්‍රී ලංකාවට පරාජය වූ අතර මැලේසියා කණ්ඩායම බංගලාදේශය හමුවේ පරාජය විය.එමීර් රාජ්‍යය තමන්ට ලැබුණු ඉතා කුඩා ඕවර් ප්‍රමාණයේදී සහ කාලය ඇතුළත දී මැලේසියාව පරාජය කළේය.මේ සුළු සාධක මත එම කාණ්ඩයේ ලකුණු වේගයෙන් පළමු තැන සිටි බංගලාදේශය ඒ ආකාරයටම එක තරග ප්‍රතිපලයක් සහිතව අනෙක් කාණ්ඩයේ දෙවන තැන සිටි පකිස්තානය හමුවන අතර ශ්‍රී ලංකාවට ඉන්දියාව හමුවන්නට සිදු වී ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...