ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවුණාට ලංකාවේ ජනතාවට ඒ සහනය දෙන්න අගෝස්තු, සැප්තැම්බර් වෙයි – ඇමති බිමල්

සටහන – රුවන් නෙළුගොල්ල

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල මේ වනවිට සැලකියයුතු අගයකින් පහළ බැස තිබුණත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩුකිරීමට අගෝස්තු හෝ සැප්තැම්බර් දක්වා කල් ගතවිය හැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

“මෙහෙමයි, අපි උත්සාහ කරනවා අනිවාර්යයෙන්. දැනුත් අපි සහනයක් දීලා තියෙනවා හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක් සහ පෙට්‍රල්වලට රුපියල් 20ක් වශයෙන්. එතකොට අපි හිතනවා ඉදිරි මාස එකහමාර – දෙක ඇතුළතදී තෙල් මිලේ සහනයක් ලැබෙයි කියලා. මොකද ඔබතුමන්ලා දන්නවා අපි තෙල් ගන්නේ අර කඩේට ගිහිල්ලා බඩුවක් ගන්නවා වගේ නෙවෙයි. කලින් ටෙන්ඩර් කරලා ගන්නෙ. ඒ ටෙන්ඩර්වලට අනුව එන ඒවා අනිවාර්යයෙන්ම ඒ මිලටම ගන්න වෙනවා. නමුත් අපි හිතනවා අගෝස්තු මාසය, සැප්තැම්බර් මාසය වගේ වෙනකොට මේ තත්වය තිබුණොත් අනිවාර්යයෙන්ම ජනතාවට සහනයක් ලැබෙයි කියලා. මොකද ඒක රටේ ජනතාවට පමණක් නෙවෙයි, රටේ ආර්ථිකයටත් ඒක අවශ්‍යයි. ඔබතුමන්ලා දන්නවා මේ තෙල් මිල වැඩිවීම නිසා මේ සියලුම දේවල් කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ අපි ආර්ථිකයේ ඉහළ මට්ටම ගොඩනඟලා තියෙන නිසා. ආර්ථිකයේ ඉහළ කොටස හදලා තියෙන නිසා. අපි රටේ සල්ලි පරෙස්සම් කරලා රටේ බදු සල්ලි හරියට එකතු කරගෙන තියෙන නිසා”

බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...