*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

දිනුවම ක්‍රීඩකයන්ගෙ පැරදුනාම පාලකයන්ගෙ වෙන ක්‍රිකට් විචාර සංස්කෘතියේ සැළසුමක් ජය ගන්වන ක්‍රිඩිකාවෝ

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 22, (LNW) කොළඹ:
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර සුරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවත් වූ එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමිවෙමින් නිමාවට පත් විය.

තරගාවලියේ වීරවරිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ 19 හැවිරිදි විශ්මි ගුණරත්නය.ඇය තරග තුනේදීම පිත්තෙන් ඉහළ දස්කම් දක්වමින් කැපී පෙණුනේ අර්ධ ශතකයක්ද සහිතව දෙපිළේම වැඩිම ලකුණුලාභිණිය වෙමින්ය.පළමු තරගයේ දී තරගයේ වීරවරිය ලෙස ඇගයීමට පත් වුණේ 26 හැවිරිදි හර්ෂිතා මාධවී ය.දෙවන තරගයේදී එම ඇගයීමේ උරුමක්කාරිය වන්නට 23 හැවිරිදි කවීහා දිල්හාරි සමත් වූවාය.තෙවන තරගයේදී එම අවස්ථාව උදා වූයේ 22 හැවිරිදි සචිනි නිසංසලාට ය.
ශ්‍රී ලංකාව මේ තරගාවලියේ එක්දින තරගාවලියේ ජය වඩාත් වටිනා පලදායි බලාපොරොත්තු සපිරි අනාගතයකට මඟ පෙන්වන එකක් බවට පත්වන්නේ මේ ක්‍රීඩිකාවන් තිදෙනාට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් දායක වන්නට තිබෙන ඉදිරි කාලය ගැන සිතන විටය.ඒ නිසා එය මොහොතකට අදාළ නොවන අනාගතයට දිවෙන සතුටුදායක පණිවිඩයක් බව අප පිළිගත යුතුය.

මේ විශිෂ්ඨ ජයග්‍රහණය සම්බන්ධයෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට පෙරට එන්නට සකස් වී ඇති මාවත හේතුවක් බව නොකියා බැරිය.විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමෙන් සිඳුවන ක්‍රිකට් ව්‍යාප්තිය සහ ඊට සමගාමීව සිඳුවන යටිතල පහසුකම් සංවර්ධනය ද මේ වන විට දැවන්ත පිම්මක් පැන තිබෙන අතර මෙවැනි දක්ෂයන් හමුවන්නේ එවැනි වැඩ පිළිවෙලක් යටතේය.ක්‍රීඩා අමාත්‍ය ධූරය දරා අසුනෙන් බැස යන්නට සිඳු වූ ඇමති රොෂාන් රණසිංහට අනුව මේ කාන්තා ක්‍රිකට් ජයග්‍රහණ සිඳුවන්නේ ක්‍රීඩිකාවන් දක්ෂ නිසාය.පිරිමි ක්‍රිකට් කණ්ඩායම පරාජය වන්නේ පරිපාලනයේ දුර්වලකම නිසාය.
දේශපාලකයින් වශයෙන් ක්‍රිකට් පරිපාලනයට කළ නොහැකි සේවාවක් ඒ ඒ ක්‍රීඩාවල ස්වාධීනත්වයට අත නොදමමින් කළ හැකි බව අපේ ව්ශ්වාසය වන්නේය.යම් තරමකට අද වන විට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යටතේ එම කාර්යය සිඳුවෙමින් පවතින බව සම්පූර්ණයෙන්ම නොවුණත් අපි පිළිගත යුතු වන්නෙමු.එහෙත් තමන්ගේ බලය කඩදාසි කොළවලින් එළියට ඇඳ ක්‍රීඩාවේ රජු වෙන්නට උක්සාහ කරන රොෂාන්ලා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගතිය ගැන කියන කුහක කතාවන් අමතක කර තමන්ගේ දේශපාලන චරිතයේ මැදිහත්වීම සහ දායකත්වය ලබා දිය යුතු සීමාව හඳුනා ගන්නේනම් වැදගත්ය.

එය ප්‍රායෝගිකව කළ හැකි එක් යෝජනාවක් අපි හිටපු ඇමතිට මෙන්ම වත්මන් ඇමතිට ද බලපාන සේ මෙහි තබන්නෙමු.මොණරාගල බට්ටි නමින් ප්‍රකට 15 හැවිරිදි චමුදි ප්‍රබෝධා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තිබුණු පලදායි වැඩ සටහනක පලයක් ලෙස පෙරට ආ ක්‍රීඩිකාවක්ය.ඒ පාසලම දක්ෂය.එහෙත් ඔවුන්ට දැලෙන් මෙපිටට පැමිණ ක්‍රිඩා කරන්නට ඉඩ නැත.පිටියක් සකස් කර ගන්නට ඇති බිම් ද දේශපාලන හෙංචයියන් වෙන් කරගෙන ඇත.හැකිනම් එම ඉඩම් ටික බට්ටිගේ පාසලට නිදහස් කර දීමේ දේශපාලන වගකීම ඉටු කළොත් කුඹුක්කන පාසලෙන් තවත් දක්ෂයන් ජාතික තලයට පැමිණෙනු ඇත.

මේ වන විට ක්‍රිකට් දක්ෂයන්ට පාර සැකසෙමින් ඇත.ක්‍රීඩා කරන්නට සුදුසු හොඳ බිමක් සෑම තැනකම පාහේ හැදෙමින් සහ හැදී ඇත.එ්වා දිස්ත්‍රික් මට්ටමෙන් හරියාකාරව ක්‍රියාත්මක කරන්නට පත් වී සිටින සමහරු දේශපාලන චරිතය.ඒ චරිත වෙනත් වැඩ පොකුරු පිටින් බදාගෙන දේශපාලනයට ඒ තනතුරු යොදා ගනිමින් සිටින අතර ඊට ආශිර්වාද කරන්නෝ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් එන පහසුකම් හරියට යොදවන්නේ ද ගසා කන්නේ ද යන්න සොයා බලන්නේ ද නැත.ඒ සල්ලි එන ගිනුමට මිස සල්ලිවලින් එන කොටසින් හරි දේ කරනවාද පිළිබඳව විමසිලිමත්ව සොයා බලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුවත් කරන වැඩ පිළිවෙලක් කරනවානම් ක්‍රිකට් ගිණුම තරම්ම පොහොසත් දක්ෂන්ගෙන්ද ක්‍රිකට් සංදර්භය පිරි යනවා ඇත.

අපි කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව ජයගත් ලාංකේය ක්‍රිකට් විරවරියන්ට සුබ පතන්නෙමු.එසේම ඒ දක්ෂතා හඳුනාගෙන පෙරට එන්නට සකස් කර තිබෙන සැළසුම් සහ අවස්ථා ද අපි අගය කරන්නෙමු.එම දක්ෂතාවල වර්ධනය මෙන්ම දක්ෂතා වර්ධනය කර ගන්නට ලැබුණු පහසුකම් ගැන ද අපි නොලියන්නෙමු.මේ කණ්ඩායමේ වයස් කාණ්ඩ සළකා බැලුව විට පරම්පරා දෙකකට අයත් පිරිසක් අපූරුවට එකතු වී ඇති බව පැහැදිළිය.ඒ පිරිස කොයි කොයි ප්‍රදේශවලින් පැමිණ ඇත්දැයි විමසා බැලීමත් වටින්නේය.ඒ නිසා අපි මේ තරගාවලියට මුහුණ දුන් ශ්‍රී ලංකා සංචිතය,සහ ඔවුන්ගේ පෞද්ගලික තොරතුරුවලට පිවිසෙන්නට හැකි සහ දෙපිළ මේ තරගාවලියේ දි දක්වා ඇති දක්ෂතා ආශ්‍රිත සබැඳියක් ද ඉදිරිපත් කරන්නෙමු.
https://es.pn/3RD0SeC

කුමන සැළසුමක් යටතේ කුමන පහසුකම් ලබා දුන්න ද එය පිටියේ මෙහෙයවීම පැවරෙන පිරිස කරන්නේ කුමක් ද යන්න මත තරගයේ තීරණය විසදෙන්නේය.අපි මේ කුමන වැඩ පිළිවෙලක් යටතේ වුව ක්‍රීඩකයාගේ පාලනය සහ පැවත්මට අදාළව ක්‍රිකට් පරිපාලනය ගනු ලබන තීරණ යළිත් ඔහුට අදාළ පෞද්ගලික කළමණාකරුවෙක් අතින් පාලනය වන බව අපි දන්නා කරුණක් වන්නෙමු.නිරන්තරයෙන් අප විසින් යෝජනා කරන පරිදි මේ කළමණාකාරීත්වයට නිශ්චිත සුදුසුකමක් නම් කර, ඒ ඔස්සේ පුද්ගලයින් තෝරා පත් කර ගැනීමට වැඩ පිළිවෙලක් සකස් කළ යුතුය.ක්‍රීඩකයින් සමඟ කළමණාකරු ලෙස කටයුතු කරන පුද්ගලයාට ඊට ඇති වෘත්තීය සුදුසුකම් සළකා බලා වැඩ කරන්නට දීමෙන් විය හැකි හානිය විවිධාකාරයෙන් අපි දෘශ්‍යමාන වන ගැටළු හරහා විඳිමින් සිටින්නෙමු.ඒ නිසා ක්‍රීඩකයින්ට තමන්ගේ කළමණාකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ගනුදෙනු කරන පුද්ගලයාට කුමන සුදුසුකමක් තිබිය යුතුද යන්න තීරණය කිරීමේ බලය ශ්‍රී ලංකා ක්‍රිකට් භාවිතයට ගත යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan