ඇමරිකාව ඉරානයට පහරදෙයි !!

Date:

ඉරානයේ පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඉතාම සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසයි.

තම “ටෲත්” සමාජ මාධ්‍ය ජාලයෙහි සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ෆෝර්දෝ, නතාන්ස් සහ එස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට මෙසේ ගුවන් ප්‍රහාර එල්ල කළ අතර එම ගුවන් යානා මේ වනවිට ඉරාන ගුවන් කලාපයෙන් බැහැරව ආරක්ෂිතව ආපසු එමින් සිටින බවයි.

ඇමරිකානු රණවිරුවන්ට තම සුබපැතුම් එක් කරන බවත් ලොව වෙනත් කිසිදු හමුදාවකට මෙවන් ප්‍රහාරයක් එල්ල කළ නොහැකි බවත් සඳහන් කර ඇති ඇමරිකානු ජනාධිපතිවරයා දැන් සාමයට කාලය එළඹ ඇති බවත් අවධාරණය කර ඇත.

මෙම සාර්ථක හමුදා මෙහෙයුම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා අද පෙරවරුවේ ධවල මන්දිරයේදී ජාතිය අමතා ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිත ය. මෙය ඇමරිකාවට, ඊශ්‍රායලයට සහ ලෝකයටම ඓතිහාසික අවස්ථාවක් බවයි ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත ප්‍රහාර එල්ල කරයි; සුදුකාරයා මෙවර පරාජය වනු ඇති බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...