බංගලාදේශ නායක සන්ටෝ සහ දඟ පන්දු බල ඇණිය වැඩි ගෞරව දිනා ගත් තරගයක්

Date:

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගය නිමාවට පත් වූයේ වැඩි වාසියටත් වඩා වැඩි ගෞරවය බංගලාදේශයට හිමි කර දෙමින්ය.ගාලු තණ.තීරුවේ දඟ පන්දුවේ ආශිර්වාදය ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ට වඩා බංගලාදේශ දඟ පන්දු යවන්නන් දිනා ගැනීම තරගයේ විශිෂ්ඨතම දස්කම කරමින් තරගයේ වීරයා වූ බංගලාදේශ නායන නජ්මුල් හොසෙයින් සන්ටෝ ඉණිම දෙකේදී ශතක රැස් කිරිමට වඩා කැපී පෙණින.ඒ කණ්ඩායම් දෙක අතර තණතීරුව හැසිරුණ ආකාරය ගැන සැළකිල්ල යොමු කරද්දී දෙපිළේ වෙනස මතුවන ප්‍රධානතම සාධකය එය වන බැවිනි.


බංගලාදේශයේ නයීම් හසන් පළමු ඉණිමේ කඩුලු 5 ක් දවා ගත් ආකාරයට ලකුණු 295 ක් හඹා යන්නට උත්සාහ කළ ශ්‍රී ලංකා දෙවන ඉණිමේ දී ලකුණු 76 ට කඩුලු 4 ක් දැවී යන්නට වැඩිම බලපෑම ඇති කළ පන්දු යවන්නා වූයේ වමත් දඟ පන්දු යවන තයිජුල් ඉස්ලාම් ය.ඔහු ලකුණු 23 ට කඩුලු 3 ක් ම දවා ගන්නට සමත් විය.ඔහු මෙන්ම කඩුල්ලක් දවා ගත් හසන් ද පන්දු යැවූ ආකාරය අනුව සමහර විට වර්ෂාව විසින් උඳුරා ගන්නා ලද කාලය සැළකිල්ලට ගනිද්දී හ්‍රී ලංකාව වර්ෂාව නොවැටුණානම් මීට වැඩි අපහසුවකට පත් වෙන්ටන තිබිණ.
ඇන්ජලෝ මැතිවිස් මේ කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාය.ඔහුගෙන් කුමක් හෝ උගත් දෙයක් මේ සියලුම ක්‍රීඩකයින්ට තිබෙන බව නිසැකය.එහෙත් ඒ වෙනුවෙන් සමුගැනීමේ තරගය ජයග්‍රහණයකින් සරසා දෙන්නට කණ්ඩායම් සඟයන්ට නොහැකි වීම කණගාටුදායකය.මේ තරගයේ ජය පරාජය විසදී අවසන්ය.ඊ ළඟට එන්නේ මැතිවිස් නොමැති තරගයය.එය ශ්‍රී ලංකාවට වාසිදායක අවසානයක් කරා ගෙන යාමේ ඉඩ සකසා ගන්නේ කෙසේද යන අභියෝගය දෙවන තරගයේදී හමුවීමට නියමිතය.


විශේෂයෙන් මිලාන් රත්නායක වැනි පන්දු යවන්නෙක් නිසි පරිදි භාවිතා කළා ද යන කාරණය ගැන සිතිය යුතුව ඇත.අවශ්‍යය ප්‍රතිපලය සිතූ තරමට දඟ පන්දු යවන්නන්ගෙන් නොලැබෙද්දි නායක ධනංජය වේගය සහ දඟ කැවීම මිශ්‍ර කිරීමට මීට වඩා උත්සාහයක් ගත්තේනම් වැදගත් වන්නට තිබිණ.මේ දේවල් එස්එස්සී පිටියට රැඟෙන එන්නේ කෙසේද යන්න නැවත සැළකිල්ලට ගත යුතුව ඇත.විශේෂයෙන් ශ්‍රී ලංකාව එස්එස්සී පිටියේ මුලින්ම පන්දු යැවීමට කටයුුතු කළහොත් මිලාන්ට විශාල ඉඩක් දෙයක් කණ්ඩායම වෙනුවෙන් කිරීම සඳහා සැකසෙනු ඇත.


බංගලාදේශ නායක සන්ටෝ සිය නායකත්වය ඇතුළු කිසිවක් සිය තරග රටාවට බාදාවක් කර නොගනිමින්,එහෙත් කණ්ඩායම වෙනුවෙන් තමා සතු වගකීම තෝරා ගනිමින් ක්‍රියා කළ ආකාරය ආදර්ශමත් එකකි.ඔහු දෙපිළේම ශතක කරා යාමේදී පීඩනය තමන් වෙත හැරී තිබෙන්නට ඉඩ නොදුන්නේය.ඔහු ක්‍රීඩා කළෙ කමන්ට එල්ලවන පීඩනය ආපසු හරහා තබමින් සිය පාලනයට යටත් කර ගනිමින්ය.ඒ වෙනුවෙන් ඔහු තරගයේ වීරයා විය.


මෑතකාලීනව විශේෂයෙන් ලංකාව ඇතුළත පැවත්වෙන තරගවලදී තරග ශ්‍රී ලංකාවට දිනා දුන්න ක්‍රීඩකයා ප්‍රභාත් ජයසූරියට මේ තරගය පුරාවටම ලැබුනේ එක් කඩුල්ලක් පමණය.ඒ ඔහුගේ දුර්වලතාවයකට වැඩි බංගලාදේශ කණ්ඩායම ඔහු සම්බන්ධයෙන් යොදා ඇති අවධානයේ තරම සහ හැදෑරීමේ පලයය.ඒ නිසා ප්‍රභාත්ට ස්වයං හැදෑරීමකින් එස්එස්සී තරගයට සහභාගි වන්නට සිඳුවන්නේය.තරිඳු රත්නායකට සිය පළමු ටෙස්ට් තරගයේදී ඉණිම දෙකේදීම කඩුලු 3 බැඟින් දවා ගන්නට සමත් විය.බංගලාදේශ දෙවන ඉණිමේ කඩුලු හයෙන් තුනක් වගේම මුෂ්ෆිකර් රහීම් දුවද්දී දවාගන්නට කඩුල්ලට පන්දුව කෙළින්ම එල්ල කරන්නටද සමත් විය.
පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවය.→ https://bit.ly/4kOV3HD

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...