විදේශ ණය පැහැර හැරියාම මෙහෙම තමා. LC ප්‍රතික්ෂේප වුණොත් තෙල් නැත්තටම නැති වෙයි – බන්දුල

Date:

වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය උද්ගත වී ඇත්තේ රජයේ නොහැකියාවක් නිසා නොවන බවත් විදේශ ණය ආපසු ගෙවීම් පැහැර හැරීමට ගත් තීන්දුව නිසා මේ තත්වය මතුව ඇති බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“දැන් ඔබ සියලු දෙනා කියන ප්‍රශ්නය අපට හොඳින් වැටහෙනවා. මොකද අපේ පවුල්වල අයත් දවස හමාර පෝලිම්වල ඉඳලා ඛනිජතෙල් ලබාගන්නෙ. ඒ ලබාගන්න ගියාම ඇතිවෙන දුෂ්කරතා පිළිබඳ රජයට හොඳටම අවබෝධයක් තියෙනවා. මේ තියෙන්නෙ රජයේ නොහැකියාවක් නෙවෙයි. දැන් අපි විදේශ ණය වාරික ගෙවන්න බැරි රටක් කියලා කිව්වාට පස්සෙ අර පරණ ක්‍රමයට තෙල් දෙන්නේ නෑ කවුරුත්. ඉස්සර පුළුවන් දවස් 180කින් ගෙවන්නම් කියලා තෙල් ගේන්න, දවස් 90කින් ගෙවන්නම් කියලා තෙල් ගේන්න. දැන් එහෙම බෑ. දැන් මුදල් ගෙවලා ඕනෙ තෙල් ලබාගන්න. එතකොට මුදල් රුපියල් ගෙව්වාට රුපියල්වලට අවශ්‍ය ඩොලර් හොයාගන්න ඕනෙ. ඩොලර් මිලදී ගන්න බෑ. මේ අර්බුදය තාක්ෂණික වශයෙන් තියෙන ප්‍රශ්නයක් මිස දේශපාලන වශයෙන් විසඳන්න පුළුවන් ගැටලුවක් නෙවෙයි. ඒ නිසා තමයි රජය විශාල වශයෙන් උනන්දු වෙලා ජාත්‍යන්තර ගෙවීම් පිළිබඳ තියෙන අර්බුදය විසඳාගන්න බැරිවුණොත් අපට දැනට තෙල් හිඟයි, හැබැයි අපි නිකුත් කරන ණයවර ලිපියක් පිළිගත්තෙ නැත්නම් තෙල් නැත්තටම නැතිවෙනවා”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

විදේශ ණය ආපසු ගෙවීම් පැහැර හැරීමේ තීන්දුව ගනු ලැබ තිබුණේ ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසිනි. ඔහු එම තනතුරට පත්ව දින කිහිපයක් තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට විදෙස් ණය ආපසු නොගෙවා පැහැර හරින බව නිවේදනය කළේය.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...