උද්ධමනය තවදුරටත් ඉහළට – ජනජීවිතය තවදුරටත් අසීරු වෙයි

0
262

පසුගිය අප්‍රේල් මාසයේදී 33.8% ක් ලෙස පැවති උද්ධමනය මැයි මාසයේදී 45.3% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මාසයක කාලයක් තුළදී 45.1% සිට 58% දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 23.9% සිට 34.2% දක්වා ඉහළ ගොස් තිබේ.

‍මාසයක කාලයක් තුළදී ආහාර කාණ්ඩයේ සහල්, කිරිපිටි, එළවළු, මස්, මාලු, පාන් ඇතුළු බොහෝ ද්‍රව්‍යවල මිල ඉහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයේ ප්‍රවාහන, විදුලිය, ගෑස්, ගෘහ භාණ්ඩ, ගෘහ ඒකක නඩත්තු ඇතුළු සියලු අංශවල මිල ගණන් ඉහළ යාම උද්ධමනය ඉහළ යාමට හේතු වූ බවයි මහ බැංකුව පවසන්නේ.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන් පිළිවෙලින් 5.41% කින් සහ 4.26% කින් ඉහළ ගොස් තිබෙනවා.

UN