*
Friday, May 17, 2024
spot_img

Latest Posts

මෙණ්ඩිස්ගේ බල ඇණියට දෙවැනි ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ අමරණිය නමක් වන දුලිප් මෙණ්ඩිස් යටතේ පුහුණුව ලබන ඔමාන් කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් අතර කැපී පෙණෙන කණ්ඩායමක් බවට පත් වී ඇත.ඔවුහු පළමු තරගායේදී ප්‍රබල අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් ඓතිහාසික ජයක් ලැබූහ.දෙවන තරගයට සහභාගි වෙමින් ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයද පරාජයට පත් කරමින් එම කාණ්ඩයේ පෙරමුණේ රැඳෙන කණ්ඩායම වී ඇත.

ඕමාන් පිතිකරුවෝ හොඳ ස්ථාවර මට්ටමකින් වගකීම් සහගත පිතිකරණයක නියැලෙන ආකාරය දැකිය හැකි අතර එමීර් රාජ්‍යය දුන්,ලකුණු 228 ඉලක්කය හමුවේ ලකුණු 14 ට කඩුලු 2 ක් අහිමි වුව ද ඔවුන් තිදෙනෙක්ම අර්ධ ශතක සමඟ ද එක් අයෙක් ලකුණු හතළිස් ගණනකින් ද දායක වෙමින් කණ්ඩායම නැවත තරගය වෙත කැඳවා ගෙන ආහ.අතර මැදදී ආබාධයක් නිසා තරගයෙන් බැහැරට ගියත් නැවත පැමිණ වගකීම ඉටු කරමින් නොදැවී ලකුණු 52 ක් ලැබූ ෂොහීබ් ඛාන් තරගයේ වීරයා වූයේ එම වගකීම සහ කැපවීම සළකා ය.මොහොමඩ් නදීම් ද නොදැවී ලකුණු 50 ක් ලැබූ අතර අකීබ් ඉල්ලියාස් නොදැවි ලකුණු 53 ක් ලැබීය.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-2023-1377745/oman-vs-united-arab-emirates-8th-match-group-b-1377753/full-scorecard

ඕමානය විසින් විනාශ කළ අයර්ලන්තය ඊයේ ද අසරණ කරමින් අවසාන මොහොතේ දී එක් කඩුල්ලක ජයක් ලබන්නට ස්කොට්ලන්තය සමත් විය.අයර්ලන්තය පන්දුවට පහර දෙද්දී කඩුලු 5 ක් ලකුණු 70 බිඳ වැටුණුු පසුව කර්ට්සි කැම්පර් තමන් වටා සියලු වගකීම් ගොඩ නඟා ගනිමින් පන්දු 108 දී රැස් කළ ලකුණු 120 සමඟ අයර්ලන්ත ඉණිම කඩුලු 8 ලකුණු 286 දක්වා විහිදිණ.විශේෂයෙන් කැම්පර් ජෝජ් ඩොක්රේල් (69) සමඟ හයවන කඩුල්ලට එකතු කළ ලකුණු 136 ක සබඳතාවය කැපී පෙණින.

නමුත් එම ලකුණු පූවරුව රැක ගැනීම සඳහා අයර්ලන්තය කළ සටනේදී කඩුලු හතක් ස්කොට්ලන්තයට ලකුණු 152 දී අහිමි වූ පසු කැම්පර් මෙන්ම ස්කොට්ලන්තය වෙනුවෙන් වගකීම ගන්නා මිචෙල් ලීක්,අටවන කඩුල්ලට මර්ක් වෙට් (47) සමඟ එක්ව ගොඩ නඟන ලකුණු 82 සබදතාවයෙන් ස්කොට්ලන්තය නැවත තරගයට කැඳවාගෙන එන්නේය.සියල්ල තමාගේ දෙඋර මත තබා ගන්නා ලීක් මාර්ක්ගේ දැවී යාමෙන් අනතුරුව පන්දු ඕවර් 5 තුළ පන්දු 18 ක්ම තමන් තනිව මුහුණ දෙමින් ලකුණු 55 ක් එකතු වීමේදී වැඩි දායකත්වය ලබා දෙමින් හුදෙකලා සටනක නිරතවන්නේය.ස්කොට්ලන්තට අවසාන පන්දුයේදී සිය ලකුණු පූවරුව 189 ක් බවට පත් කර ගන්නේ එක් කඩුල්ලක ජයග්‍රහණයක් හිිමි කර ගනිමින්ය.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-2023-1377745/ireland-vs-scotland-7th-match-group-b-1377752/full-scorecard

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan