ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග පසුගිය සමයේ ඇතිකරගත් එකඟතා කිහිපයක්ම ඉටුකිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය අප්‍රසාදයෙන් පසුවන බව ආරංචිමාර්ග පවසයි.
ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අත්සන් කෙරුණු සාගර ආරක්ෂාව සහ බුද්ධි අංශ තොරතුරු හුවමාරුවට අදාළ කොළඹ ආරක්ෂක සම්මේලන එකඟතාව නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම, කොළඹ කොටුවේ නාවික හමුදා මූලස්ථානයේ පිහිටි මෙම ආරක්ෂක සම්මේලන ලේකම් කාර්යාලයේ මහලේකම් ලෙස පත්කර සිටින ඉන්දීය හිටපු නාවික හමුදා ජ්‍යේෂ්ඨයාට වැඩභාරගැනීමට අවශ්‍ය පහසුකම් ලබානොදීම, ත්‍රිකුණාමලේ සාම්පූර් හි සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ නොකිරීම, ඉන්දියාවේ රාමේශ්වරන් සහ ශ්‍රී ලංකාවේ තලෛමන්නාරම යා කරන පාලමක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදැක්වීම ඇතුළු කරුණු කිහිපයක් මීට බලපා ඇති බව සඳහන්.
ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා මීට මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ද මේ සම්බන්ධයෙන් මෙරට බලධාරීන්ට සිය කණස්සල පළකර තිබූ බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.


