හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය සහ මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW :

ලබුගම සහ කලටුවාව සිට මහරගම දක්වා දිවෙන ප්‍රධාන නල මාර්ගයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (24) ප.ව. 6සිට අනිද්දා (25) ප.ව. 6 දක්වා  ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මේ අනුව, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය සහ මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජලය සැපයෙන්නේ නැත.

පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව සිය කණගාටුව පළකරන මණ්ඩලය, පවතින ජල සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නියමිත වේලාවට පෙර ජලය එක්රැස් කර තබා ගැනීමෙන් සිදුවන අපහසුතා අවම කරගත හැකි බව දන්වා සිටී.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...