මත්ද්‍රව්‍ය වැටළීම් ත්‍යාග අඩුකරලා. පොලිස් පොඩ්ඩන් කණස්සල්ලෙන්

මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාදීමේ අවස්ථා සීමා කරමින් පොලිස්පතිවරයා විසින් ලිපියක් නිකුත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් වෙත උපදෙස් නිකුත් කරමින් පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ, මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීම්වලදී,

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම
සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වනවිට මහාධිකරණයේ නඩු පැවරිය යුතු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබීම

යන අවස්ථාවන්හිදී පමණක් පවතින විධිවිධානයන්ට යටත්ව අදාළ නිලධාරීන් / පාර්ශ්වයන් වෙත පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාග ලබාදීමට පියවර ගතයුතු බවයි.

හෙරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය සඳහා මහාධිකරණයේ නඩු පැවරීමට නම් එම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටිය යුතුවේ. මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් යනු විශාල ප්‍රමාණයකි. එවන් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් නිතර හසුවන්නේ නැත. ඒ අනුව පොලිස් නිලධාරීන්ට මත්ද්‍රව්‍ය වැටළීම් සඳහා පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාග ලබාගැනීමට තිබූ අවස්ථාවන් පොලිස්පතිවරයාගේ නව උපදෙස් අනුව සැලකියයුතු ප්‍රමාණයකින් අඩුවී තිබේ.

මත්ද්‍රව්‍ය වැටළීම් යනු අවදානම් සහගත රාජකාරියකි. එමෙන්ම ඇතැම් නිලධාරීන් මත්ද්‍රව්‍ය වැටළීම් සඳහා ඔත්තු බැලීම ඇතුළු කාර්යයන් වෙනුවෙන් අතින් පවා මුදල් වියදම් කරගෙන වැඩ කළේ පසුව ලැබෙන ත්‍යාග මුදල්වලින් ඒවා පියවාගත හැකිව තිබූ නිසාය. එහෙත් දැන් උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් පහළ පොලිස් නිලධාරීන් කණස්සල්ලෙන් පසුවන බවයි පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...