රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW :
ශ්රී ලංකාවේ ඩෙංගු මර්දනය සඳහා ස්වභාවිකව හමුවන Wolbachia බැක්ටීරියාව යොදාගැනීමේ නියමු ව්යාපෘති අතරමග නතර වීම පිළිබඳව විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතා සිය කණගාටුව පළ කරයි.
මෙම බැක්ටීරියාව මගින් මදුරුවන්ගේ වෛරස් ව්යාප්ත කිරීමේ හැකියාව අඩපණ කරන අතර, එය ලොව පුරා රටවල් රැසක සාර්ථක ප්රතිඵල පෙන්වා ඇති ආරක්ෂිත ක්රමයක් බවද ඔහු පවසයි.
විදෙස් රටවල් මෙම තාක්ෂණය හරහා මදුරු ගහනය 70% කට වඩා වැඩි ප්රමාණයකින් පාලනය කර ගත්තද, විවිධ බලපෑම් හේතුවෙන් මෙරට වැඩසටහන් ක්රියාත්මක නොවීම ගැටලුසහගත බව ඔහු පෙන්වා දෙයි.
ඩෙංගු මර්දනය සඳහා කියුබාව වැනි රටවල් අනුගමනය කරන ප්රජා මූලික ක්රමවේද සහ නවීන තාක්ෂණය ශ්රී ලංකාව තුළද කඩිනමින් ක්රියාවට නැංවීමේ වැදගත්කමද මෙමගින් විශේෂඥ වෛද්ය චමල් සංජීව අවධාරණය කරයි. නවීන විද්යාත්මක විසඳුම් යෝජනාවලට පමණක් සීමා නොකර ප්රායෝගිකව ක්රියාත්මක කිරීමේ අවශ්යතාවය විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතා පැහැදිලි කරයි.

