වැස්ස තරමක් අඩුවෙයිද ? – අද (24) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (24) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක.

වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න”

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය...

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : බේස්ලයින් මාර්ගය දීර්ඝ...

පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත නිදහස්

අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

2 සහ 6 ශ්‍රේණි සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කරන ලද ජාතික විෂය...