අධික උෂ්ණත්වය හේතුවෙන් සෞදි අරාබියේ හජ්ජි උත්සවය අතරතුර මියගිය සංඛ්‍යාව 1,301 ඉක්මවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 24,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදි අරාබියේ හජ්ජි උත්සවය අතරතුර අධික උෂ්ණත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,301 ඉක්මවා ඇති බව සෞදි බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

සෞදි අරාබියේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට අනුව මක්කමෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 51.8 දක්වා ඉහළ ගොස් ඇති අතර සෞඛ්‍ය අමාත්‍ය Fahd Al-Jalajel ප්‍රකාශ කර තිබුණේ, තාප ආතතියේ අන්තරායන් සහ වන්දනාකරුවන්ට මෙය අවම කර ගත හැකි ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට උත්සාහ කර ඇති බවයි.

මියගිය අය අතර බහුතරය අනවසර වන්දනාකරුවන් වන බව හඳුනාගෙන ඇති අතර විශේෂයෙන් වායු සමීකරණය කරන ලද කූඩාරම් සහ නිල හජ් ප්‍රවාහනය වැනි පහසුකම් සඳහා ප්‍රවේශයක් නොමැති ලියාපදිංචි නොකළ වන්දනාකරුවන් අධික හිරු එළියෙන් පිඩා විඳීම සම්බන්ධයෙන් ආරක්ෂිත තත්වය වැඩි කිරීමට වැඩි යමක් නොකිරීම සම්බන්ධයෙන් සෞදි අරාබිය විවේචනයට ලක්ව ඇත.

මේ වන විට ඊජිප්තු ජාතිකයන් 658 දෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයන් 200 දෙනෙකු, ඉන්දියානුවන් 98 දෙනෙකු මියගොස් ඇති අතර පකිස්ථානය, මැලේසියාව, ජෝර්දානය, ඉරානය, සෙනගල්, සුඩානය සහ ඉරාකයේ ස්වාධීන කුර්දිස්තාන් කලාපය ද මරණ තහවුරු කර ඇත.

හජ් යනු ඉස්ලාම් බැතිමතුන් විසින් ශුද්ධ වූ මක්කම වෙත සිදුකරන වාර්ෂික වන්දනා ගමනයි. මූල්‍යමය හා ශාරීරික වශයෙන් හැකියාව ඇති සියලුම මුස්ලිම්වරුන් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක්වත් වන්දනාව සම්පූර්ණ කළ යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...