ලොරෙන්සෝ පුතා නැවත නිරුපද්‍රිතව දිවයිනට!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 24, කොළඹ (LNW):

ලොරෙන්සෝ පුතා හතර බහුධින යාත්‍රාව මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගත් එහි ධීවරයින් 6 දෙනා ද සමඟ මාස පහකට පසු දික්ඕවිට වරායට පැමිණි බව වාර්තා වේ.

මෙම වසරේ ජනවාරි 17 වනදා ලොරෙන්සෝ  පුතා හතර ධීවර යාත්‍රාව ධීවර කටයුතු සදහා තම මංගල ගමන ආරම්භ කළේ දික්ඕවිට වරායෙන් වන අතර, ඊට ධීවර සාමාජිකයින් 6 දෙනෙකු එක්ව සිටියා. එම යාත්‍රාව ජනවාරි 27 වනදා ආරාබි මුහුදේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්විය.

කෙසේ වුව ද සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය මගින් යාත්‍රාව හා ධීවරයින් බේරා ගැනුණු අතර ඊට නාවික හමුදාව,  ධීවර අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධීකරණයෙන් දායකත්වය ලබාදී තිබුණි.

මාස 5කට පසු මෙම ධීවර යාත්‍රාව ධීවරයින් 6 දෙනා ද සමග ඊයේ රාත්‍රීයේ දික්ඕවිට වරායට පැමිණි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...