අධිකරණ අමාත්‍යවරයා කළ ප්‍රකාශය වගකීම් විරහිතයි – ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 24, කොළඹ (LNW):

අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු විවාදයක් අතරතුර අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් කළ ප්‍රකාශය වගකීම් විරහිත ප්‍රකාශයන් බවත් ඒ පිළිබද ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය දැඩි අවධානය යොමුකර ඇති බවත් එම සංගමය දැනුම් දෙයි.

සමස්ත අධිකරණ පද්ධතියට බලපෑම්වන පරිදී ඉදිරිපත් කළ එම විවේචනයන් සත්‍යයෙන් අසත්‍ය වෙන් කර නොගෙන නඩුකරයන්වලදී අධිකරණ මගින් නීත්‍යානුකූලව නිකුත් කළ තීන්දු හා නියෝගවලින් අතෘප්තියට පත්ව සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බව තම නිරික්ෂණය යැයි අධිකරණ සේවා සංගමය අවධාරණය කර සිටී.

උත්තරීතර ව්‍යවස්ථාදායකය භාවිත කර ස්ථාවර නියෝග අනූඑක ඊ වගන්තිය මගින් පවතින නඩුවකට  බලපෑම්වන පරිදී අදහස් ප්‍රකාශ කිරීම වළක්වා තිබීම නොසලකා වරප්‍රසාදවලට මුවාවී ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන අධිකරණය වෙත ද්වේශ සහගත ලෙස විවේචන එල්ල කිරීම අධිකර ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්කිරීමක් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙයි.

අධිකරණ පද්ධතියට එල්ලවන බාහිර බලපෑම්වලින් විනිෂ්‍යකරුවන් ආරක්ෂා කර ගැනීමට බලවත් සහ වෙහෙසකාරි කාර්යභාරයක් ඉටුකරමින් සිටින ලේකම්වරයා ආරක්ෂා කිරීමට තම සංගමය කොන්දේසි විරහිතව හා ඒකමතිකව තම සංගමය පෙනී සිටින බව අධිකරණ සේවා සංගමය පවසයි.

ශිෂ්ඨසම්පන්න සමාජයක් උදෙසා ස්වාධීන අධිකරණයක පැවැත්ම ආරක්ෂා කර ගැනීම සෑම පුරවැසියෙකුම සතු සාමූහික වගකීමක්. එහිදී පුරවැසියාගේ පරමාධිපත්‍ය බලතල ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතන ත්‍රිත්වය එකිනෙකාගේ වගකීම් හා ගෞරවය කෙරෙහි අවබෝධයෙන් ක්‍රියා කිරීමට සමත් පුද්ගලයින්ගෙන් සමන්විත විය යුතුයි.

අධිකරණ සේවා සංගමය තවදුරටත් පෙන්වා දෙන්නේ, ඒවායෙහි සාමාජිකයින් වගකීම් විරහිතව පුද්ගලික අවශ්‍යතාමත අනෙකා කෙරෙහි වෛරී ආකල්පයකින් ක්‍රියාකරන තත්ත්වයට පත්වුව හොත් එයම පාරාවළල්ක් වී ආයතන ත්‍රිත්වය කෙරෙහිම මහජන විශ්වාසය ක්‍රමිකව බිද වැටීම වැළැක්විය නොහැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...