ඇමති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ධම්මික පෙරේරා මාධ්‍යයට කරන ලද විශේෂ ප්‍රකාශය!(VIDEO)

0
1709

වර්තමානයේ රට පවතින තත්ත්වය හමුවේ වුවද ආයෝජන ගෙන ආ හැකි අතර රැකී රක්ෂා නිර්මාණය කිරීම විශාල අභියෝගයක් නොවනු ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධම්මික පෙරේරා මහතා පැවසුවේය.

තමන්ගේ විෂය පථයට අදාළව දැනටමත් සැලසුම් සකස් කර අවසන් අතර තව සති දෙකකින් පමණ තමන් කරන දේවල් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් ලබා දෙන බවයි ධම්මික පෙරේරා මහතා මෙහිදී කියා සිටියේ.

මේ අතර ආයෝජන මණ්ඩලයේ නව ආයෝජනා අවස්ථා සඳහා දිනක් තුළ අනුමැතිය දෙන වැඩපිළිවෙල එළඹෙන අඟහරුවාදා දිනය වන විට සකස් කරන බවද ඔහු අවධාරණය කරන ලදී.

ASK