ගෝඨාභයගේ පෙත්සමේ නියෝගය යළි කල් යයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම් ජූලි මස 06 වනදා දක්වා කල් තබා තිබේ.

මෙම පෙත්සම අද (24) අභියාචනාධිකරණයෙන් සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන් විසින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙලෙස දෙවන දිනටත් කැඳවනු ලැබීය.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාය. ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසම, හිටපු මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් කොමිසම මෙන් ම අදාළ ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන වාර්තාවල කිසිදු ස්ථානයක පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් කර නොමැති බවයි.

ඊට අමතරව, පාස්කු ප්‍රහාරයට අදාළව රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දෙනු ලැබ ඇති නඩු තීන්දුවේ ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් එක් වචනයක් හෝ සඳහන් කර නොතිබූ බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා තිබුණි.

මෙම පෙත්සම පළමු වරට කැඳවනු ලැබුවේ පසුගිය 18 වැනි දිනයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...