හෙට රස කරන පියවර තුනක පළමු පියවර 24 දා සුගතදාස ක්‍රීඩාංගණයෙන්

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩාවෙන් හෙට දවස දකින්නට මඟ කියන තරු ලකුණු හඳුනාගැනීමේ අපේක්ෂාව ඇතිව ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය මූලකිත්වය ගෙන ක්‍රියාත්මක කරන ඉසව් ත්‍රිත්වයේ පළමු පියවර හෙට සුගතදාස ක්‍රීඩාංගණයෙන් ආරම්භ වෙයි.පාසල් 200 ක් හරහා ළමුන් 4000 ක් සහභාගි වන රිටිස්බරි පාසල් සහය දීවීමේ තරගාවලිය 24 දා සිට 26 දා දක්වා පැවත්වෙන ඇත.අනාගතය වඩාත් රසවත් අත්දැකීම්වලින් පිරවිය හැකි පාසල් මලල ක්‍රීඩා දක්ෂයන් හදුනාගැනීමේ මෙම කාර්යය සඳහා අනුග්‍රහය දක්වන්නේ රිට්ස්බරි චොක්ලට් නිෂ්පාදන නාමය යටතේය.


එසේම ඉදිරියේදී ජොන් ටාබට් පාසල් මලල ක්‍රීඩා සූරතාවලිය කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ලෙස ප්‍රධාන අදියර දෙකකින් ද එම කණිෂ්ඨ තරග දිවයින පුරා මූලික වටයන් ලෙස ද ක්‍රියාත්මක වීමට නියමිතය.මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹ ටාජ් සමුද්‍ර හෝටල් පරිශ්‍රයේදී පැවති අතර එම අවස්ථාවට CBL Foods International Pvt Ltd හි අලෙවි සාමාන්‍යාධිකාරී නිලුපුල්ද සිල්වා,පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ආචාර්ය කුසල ද සිල්වා ඇතුළු එහි නිලධාරීන්ද එක්ව සිටියහ.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...