*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ඔව් අපිට පුළුවන්. එන්න අපි බොරුව පරාජය කර සත්‍ය දිනවමු.

අපේ රටට මෙවැනි ඛේදවාචකයකට මුහුණ දෙන්න වූයේ සත්‍ය පරාජය වී බොරුව දිනපු නිසා බවත් ඉදිරියට හෝ මෙවැනි දෙයක් සිදු වීමට ඉඩ නොතැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමාජ මාධ්‍ය තුළ පවා වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ අර්ථවත් දෙයකට නොව බොරුවට පරුෂ වචනවලට වැනි දේවලට බවත් එවැනි තත්ත්වයක් රට තුළ තිබිය දී බොරුවට තොරතුරු තාක්ෂණයෙන් රට දිනවන බවට රජය කිව්වත් සමහර අගනුවර පාසල්වල පවා හරිහැටි පරිගණක පහසුකමක්වත් නොමැති බවත් එවැනි තත්ත්වයක් තිබුණත් සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන සිදු කරන්නේ බොරුව පැතිරවීම, මඩ ගැනීම වැනි ක්‍රියා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් දැන්වත් පසුතැවෙන්නේ නැතිව ඉදිරියට යාමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා ආණ්ඩු බලය ලැබෙන්නත් පෙර සිටම විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය හුස්ම, සක්වල වැනි වැඩසටහන් හරහා විශාල වැඩකොටසක් ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 99 වැනි ජන්ම දිනය නිමිති කොට ගෙන අද (23) දින කොළඹ ටීබී ඡයා සහිරා විද්‍යාලයට සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

මීට පෙර සක්වල අදියර 31ක් තුල රු. 26,938,650 වටිනා සුහුරු පන්ති කාමර ඉදිකොට ඇති අතර පාසල් සඳහා රුපියල් 344,200,000 වටිනා බස්රථ 71ක් පරිත්‍යාග කොට තිබේ.

මීට අමතරව හුස්ම වැඩසටහන යටතේ රෝහල් 56ට රුපියල් 171,966,900ක අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ පරිත්‍යාග කොට තිබේ.

මේ ජන්ම දිනය සැමරීම වෙනුවෙන් බොහෝ දෙනෙක් බොහෝ ප්‍රිය සම්භාෂණ ආදිය පැවැත්වීමට යෝජනා කළත් ඒ සියලු යෝජනා පසෙකලා රටට අගයක් එකතු වන වටිනාකමක් එකතු වන දෙයක් සිදු කිරීමට අපේක්ෂා කළ බවත් ඒ යටතේ සක්වල තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතියේ 32 වැනි පාසල ලෙස ටීබී ඡයා සහිරා විද්‍යාලයට ලක්ෂ 10කට වටිනා පරිගණක, ප්‍රින්ටර්ස් සහ ස්මාර්ට් බෝඩ් ලබා දීම සිදු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නූතන ලෝකයේ තාක්ෂණයෙන් පිරිපුන් දරු පරපුරක් නිර්මාණය කිරිමේ අරමුණීන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් මෙවැනි යෝජනාවක් ගෙන ආ මුජිබර් රහුමාන් මැතිතුමාට ප්‍රණාමය පුද කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වැටුණු ප්‍රපාතයෙන් රටට ගොඩ එන්න හැකි බවත් ජාතියක් ලෙස අපට එය කළ හැකි බවත් ඒ සදහා අප රට නූතනවාදීව නවීකරණය කළ යුතු බවත් ලෝකයේ සිටිම සුහුරුම පුරවැසියා බිහි කිරීම සමගි ජන බලවේග රජයක එකම අරමුණ බවත් ඒ සඳහා මෙරට අධ්‍යාපන ක්‍රමයේ සුවිශේෂී වෙනසක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

ඒ සඳහා මේ ක්‍රමයේ වෙනසක් ඇති කළ යුතු බවත් අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය මෙන් ම එම අධ්‍යාපනයේ නවීකරණයක් නූතනත්වයක් තිබිය යුතු බවත් ගිරව් වගේ පාඩම් කරන ක්‍රමය වෙනුවට ප්‍රශ්න ගැටලුවලට විසදුම් සොයන අධ්‍යාපන ප්‍රතිපත්තියක් කරා යා යුතු බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan