කරන්නාගොඩගේ නඩුව සැප්තැම්බර් මස 25 විභාගයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 25, කොළඹ (LNW):

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කර තිබෙන නඩුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ගොනුකර තිබෙන පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර ඇති බව පැවසේ.

ඒ අනුව අදාල පෙත්සම සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් ,මායාදුන්නේ කොරයා සහ චමත් මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිත අතර, මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඉදිරියේ කැඳවන ලදී. එහිදී අදාළ නඩුව සැප්තැම්බර් මස 25 වන දා විභාගයට ගැනීමට විනිසුරුවරයා විසින් දින නියම කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...

තුසිත හල්ලොලුව ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම්

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි...