සටහන – රෂිකා හෙන්නායක ජුනි 26, කොළඹ (LNW):
ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට පොලීසියෙන් ජල ප්රහාරයක් එල්ල කර තිබෙන අතර, ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය මෙසේ ජල ප්රහාර එල්ලකර තිබෙන්නේ, විරෝධතාකරුවන් අධිකරණ නියෝග ද කඩකරමින් ලෝටස් මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කිරීම හේතුවෙන් බව වාර්තා වේ.
ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කළේ, අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයට සමඟාමීවයි.