කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක් ආයෝජනය කිරීමට CHEC එකඟවෙයි .

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) කොළඹ වරාය නගරයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් ආයෝජනය කරන බවට සහතික වී ඇත .ඒ  CHEC සභාපති බායි යින්ෂාන් මහතා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි සමඟ බීජිං හි ප්‍රධාන කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවකදීය .

CHEC Port City Colombo (Pvt.) Ltd, China Harbour Engineering Company (CHEC) හරහා පවත්වාගෙන යනු ලබන අතර එය සීමාසහිත China Communications Construction Company (CCCC) හි කොටසකි.

ජූනි 27 සිට ජූනි 29 දක්වා Tianjin හිදී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා මේ දිනවල චීනයට ගොස් සිටින අතර සබ්රි මහතා  අද බීජිං හි දී චීන අපනයන-ආනයන බැංකුවේ (EXIM) සභාපතිවරයා හමුවී ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සමඟ ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා කර ඇත .

මෙහිදී  විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ දිවයිනේ ආර්ථික ප්‍රකෘතිය සහ වර්ධනය සඳහා චීනය සහාය දක්වන බවට තමාට සහතික වූ බවයි. 

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : 2025 වසරේදී, විදේශ...

හිටපු ඇමති ජොන්ස්ටන්ට අයත් ඉස්කාගාරයකට සීල් තියයි !

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් රෝයල් ඩිස්ටිලරීස් (වයඹ...