ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ පස්වැනි සාකච්ඡා වටය ඇරඹෙයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):අද (26) පෙරවරුවේ කොළඹදී ආරම්භ කරනු ලැබුවේ, ආසියා රටවල් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ප්‍රධාන සහ නැගී එන ආර්ථිකයන් සමග ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ පස්වැනි සාකච්ඡා වටයයි.

එකඟ වූ කාලරාමුවට අනුව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තෘප්තිමත් විය හැකි බව , සමාරම්භක සැසිවාරය ඇමතු ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ මහතා සඳහන් කර ඇත්තේ.

කේ.ජේ. වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ, මීළඟ සාකච්ඡා වටය ලබන අගෝස්තු මස 21 වනදා සිට 23 වනදා දක්වා තායිලන්තයේ පැවැත්වීමට නියමිත අතර 2024 මාර්තු මාසයේදී ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ පස්වැනි සාකච්ඡා වටය 28 වනදා දක්වා පැවැත්වෙනු ඇති අතර , ගෝලීය ආර්ථිකයට ඒකාබද්ධ වීමේ ශ්‍රී ලංකා රජයේ අරමුණ මෙහිදී තායිලන්ත දූත පිරිස හමුවේ පැහැදිළි කළ කේ.ජේ. වීරසිංහ මහතා පැවසුවේ කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) කොටසක් බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවේශය ප්‍රථමයෙන් දකුණු ආසියාව තුළ පුළුල් කිරීමත්, පසුව එය නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බවයි.

ශ්‍රී ලංකාව දැනටමත් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය සඳහා ආසියාන් ලේකම් කාර්යාලයේ මහලේකම් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බව සඳහන් වන අතර ආසියා සහ කලාපීය විස්තීරණ හවුල්කාරිත්ය යන දෙඅංශය තුළම තායිලන්තයේ ක්‍රියාකාරී සහභාගීත්වය සැළකිල්ලට ගෙන, ශ්‍රී ලංකාව කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය හා සම්බන්ධ වීමට තායිලන්තයේ සහාය අපේක්ෂා කරන බව කේ.ජේ. වීරසිංහ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති  බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්