ක්‍රිස් සිල්වර්වුඩ් ගෙදර යයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 27, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් එම තනතුරෙන් ඉවත්ව තිබෙනවා.ඔහුගේ ඉවත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දන්වා ඇත්තේ පෞද්ගලික අවශ්‍යයතා මත ඉවත්වන බවයි.


“ජාත්‍යන්තර පුහුණුකරුවෙකු වීම යනු ආදරණීයයන්ගෙන් දිගු කාලයක් ඈත්ව සිටීමයි.”


සිය පවුල සමඟ රැදී සිටීමේ දැඩි හෘදයාංගම උවමනාව ගැන පවසමින් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ ක්‍රිස් සිල්වර්වුඩ් සඳහන් කර තිබෙනවා.ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයෙක් වීමට ලැබීම ගැන ගෞරවයක් බව සඳහන් කරන සිල්වර්වුඩ්,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමණාකාරීත්වයට ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, පසුපෙළ කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙන බව පවසා තිබෙනවා.
ඔහුගේ ධුර කාලය යටතේ ජාතික කණ්ඩායම 2022 වසරේ විස්සයි20 ආසියානු කුසලානය දිනාගත් අතර 2023 වසරේ ඕවර 50 ආසියානු කුසලානය අවසන් මහා තරගයට ද පිවිසියේය.මීට අමතරව, කණ්ඩායම ද්විපාර්ශ්වික තරගාවලි කිහිපයක් ජයග්‍රහණය කර ඇත. ඒ අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕවර 50 දී ස්වදේශීය තරගාවලි ජයක් ලැබීම ද විශේෂ කොට සැළකිය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...