ඇහැලියගොඩ නාය යාමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 27, කොළඹ (LNW):

අද (27) දහවල් සිදුවූ විශාල නාය යාමක් නිසාවෙන් ඇහැලියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ නිවාස අටක් සම්පූර්ණයෙන් යටවී ඇතැයි ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

අද දහවල් 1ට පමණ මෙම නායයෑම සිදුවී ඇති අතර නායයෑමේ ලක්ෂණ අද උදෑසන සිටම දක්නට ලැබීම හේතුවෙන් නිවාස අවටවූ පවුල්වල පිරිස් ඉවත්වී තිබුණු අතර, මෙම නායයෑමට ලක්වූ ස්ථානයට පහළින් ගලාබසින ගැටහැති ඔය මුලුමනින්ම හරස්වී ඇති බැවින් ඇළ ඉහළ කොටසට ගංවතුර අවධානමක් ද හටගෙන ඇති බව සඳහන් වේ.

මේ වනවිට නායයෑම සක්‍රීය වූ ස්ථානයේ පවුල් 48ක පුද්ගලයන් 158 දෙනෙකු ඉවත්කර උඩුවක සිද්ධාර්ථ විදුහලේ රඳවා සිටින බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය සේවා වැටුප් ගැන සුබ ආරංචියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : රාජ්‍ය සේවයේ වැටුප්...

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහිව හදිසියේම පරීක්ෂණයක්!

කොළඹ (LNW): ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ...

සූදු නියාමන අධිකාරී පනත ක්‍රියාත්මක වෙන හැටි මෙන්න! (VIDEO)

කොළඹ LNW: සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සිදුකර...

බැකෝ සමන්ගේ සමීපතමයෙක් T 81 ගිනිඅවියක්, උණ්ඩ 97ක් සමඟ පොලිස් දැලට හසුවෙයි!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන ලද සංවිධානාත්මක...