තෙල් නොදුන්නොත් වර්ජනයකට යනවා, මේ සතියේ රටටම කන්න නැතිවෙයි – බහාලුම් ප්‍රවාහනකරුවන්

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වරායේ සිට රට තුළට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ඉන්ධන තමන්ට නොලැබීම හේතුවෙන් මේ වනවිටත් එම භාණ්ඩ බෙදාහැරීම බස්නාහිර පළාතට පමණක් සීමා වී ඇති බව සමස්ත ලංකා වරාය ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහනකරුවන්ගේ සංසදයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.

ඒ අනුව නිසි ක්‍රමවේදයක් යටතේ තමන්ට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමට වරාය ඇමතිවරයා ඇතුළු බලධාරීන් කටයුතු නොකරන්නේ නම් තමන්ට අඛණ්ඩ වැඩවර්ජනයකට යාමට සිදුවන බවයි ඒ මහතා සඳහන් කළේ.

දැනටමත් බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවෙමින් පවතින බව පැවසූ ඒ මහතා තමන්ට වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට සිදුවුවහොත් මේ සතියේදී රටේ උඝ්ර ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවෙනු ඇති බවට අනතුරු හඟවා සිටියේය.

ඒ මහතා මේ බව පැවසුවේ යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...