ශ්‍රී ලංකා පකිස්තාන් ගැටුම් ජූලි 4 දා ලාහෝර් හී දී ඇවිලේ

Date:

ඉකුත් වසරේත් ශ්‍රී ලංකාවේ සවාටි කික් බොක්සිං ක්‍රීඩාවට වැඩි අවධානයක් හිමි වුණේ ශ්‍රී ලංකා – පකිස්තාන් ජාත්‍යන්තර සවාටි කික් බොක්සිං තරගාවලිය නිසයි.මෙවර තෙවන වරට සංවිධානය වන එම තරගාවලිය ජූලි 4 වන දා ලාහෝර් නුවර පන්ජාබ් ක්‍රීඩාගාරයේදී ආරම්භ වීමට නියමිතයි.ඒ සඳහා සහභාගි වන 13 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සවාටි කික් බොක්සිං කණ්ඩායම අද (ජූනි27 දා) ශ්‍රි ලංකාවෙන් පිටත්ව ගියා.
එම කණ්ඩායමට ඇසෝ ඉසව්ව නියෝජනය කරමින් 12 දෙනෙක් සහ කොම්බැට් ඉසව්ව නියෝජනය කරමින් එක් ක්‍රීඩිකාවක් එක් වෙනවා.ඇසෝ ඉසව්ව නියෝජනය කරමින් තශිනි වීරසිංහ (අවුරුදු 16 න් පහළ කාන්තා කිග්‍රෑම් 55),විනුරි අබේවික්‍රම (18 න් පහළ කාන්තා කිග්‍රෑම් 50 ),ප්‍රාර්ථනා දිසානායක (අවුරුදු 14 න් පහළ කිග්‍රෑම් 50), මළිඳු තිලකරත්න (අවුරුදු 14 න් පහළ පිරිමි කිග්‍රෑම් 45),අබ්දූල් රශීඩ් (අවුරුදු 14 න් පහළ පිරිමි කිග්‍රෑම් 50),ශ්වේතා සමරවීර(අවුරුදු 16 න් පහළ කාන්තා කිග්‍රෑම් 45),ලක්ෂානි ලංකා (අවුරුදු 14 න් පහළ පිරිමි කිග්‍රෑම් 35), සිතලි අබේරත්න අවුරුදු 16 න් පහළ කාන්තා කිග්‍රෑම් 75),නයනා ලක්ෂිකා (අවුරුදු 20 න් පහළ කාන්තා කිග්‍රෑම් 50),චලනි වීරසිංහ (අවුරුදු 16 න් පහළ කාන්තා කිග්‍රෑම් 50),ලංකා රත්නායක (අවුරුදු 50 න් පහළ පිරිමි කිග්‍රෑම් 65) සහ ප්‍රසාද් වික්‍රමසිංහ (අවුරුදු 45 න් පහළ පිරිමි කිග්‍රෑම් 75) සහභාගි වන අතර කොම්බැට් ඉසව්ව නියෝජනය කරන්නේ කන්නසාමි ඩිලක්ෂණි යි. ඇය අවුරුදු 25 න් පහළ කාන්තා කිග්‍රෑම් 60 ඉසව්ව නියෝජනය කරන්නීය.
මේ සම්බන්ධයෙන් LNW වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා සවාටි කික් බොක්සිං සංගමයේ සභාපති මෙන්ම ක්‍රීඩකයෙක් ලෙස ද තවමත් තරඟ බිමේ සිටින ප්‍රසාද් වික්‍රමසිංහ පැවසුවේ කණ්ඩායමේ අරමුණ ඉකුත් වසරවල මෙන්ම මෙවරත් සමස්ත සූරතාවය ශ්‍රී ලංකාවට දිනා දීම බවය.ඒ පිළිබඳ පැහැදිළි විශ්වාසයක් ඇති බවත් ඊට සුදුසු කායික සහ මානසික නිරෝගීතාවයෙන් සහ ශක්තිමත් බවින් යුත් ආත්ම විශ්වාසයෙන් යුතුව තරග වැදිය හැකි කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතුව සිටින බවත් ප්‍රසාද් වැඩි දුරටත් පෙන්වා දුන්නේය.ප්‍රසාද් පවසන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවක් ලෙස ලියාපදිංචි වි වැඩි වයසක් තමන්ගේ ක්‍රීඩාවට නැති බවත්,එය ශ්‍රී ලංකාවේ 68 වන ක්‍රීඩාව බවත්,නමුත් 2020 සිට 2022 දක්වා ශ්‍රී ලංකාවට වැඩිම ජයග්‍රාහී පදක්කම් ප්‍රමාණයක් ගෙන එන්නට සමත් වූයේ සවාටි කික් බොක්සිං ක්‍රීඩාවන් බවත් ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...