අද පැවැත්වීමට නියමිතව තිබුණු විශේෂ පක්ෂ නායක රැස්වීම කල්දමයි

අද (27) දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබුණු විශේෂ පක්ෂ නායක රැස්වීම කල්දමා ඇති බව වාර්තා වේ.

මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණේ මේ සති අන්තයේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මේ සෙනසුරාදා සහ ඉරිදා දින දෙකෙහි පාර්ලිමේන්තුව රැස්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව සඳහන්.

කෙසේවෙතත් එම පක්ෂ නායක රැස්වීම සිකුරාදා දිනයට කල්දමා ඇතැයි රජයේ පාර්ශ්වයෙන් දැනුම් දීමක් කර ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Taavi ලක්මව රනින් සරසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ නැගී...

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...